Colombo Today Local News

වී මිළදී ගැනීමේ කටයුතු අද සිට ඇරඹේ…

දිවයින පුරා වී මිලදී ගැනීමේ කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

දිවයින පුරා පිහිටි සියලු ගබඩා ඒ සඳහා සූදානම් කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ.

 ගොවි ජනතාවගෙන් වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඒ සම්බන්ධ ප්‍රධාන වගකීම පවරා දී ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.  ඒ හේතුවෙන් ඊට අවශ්‍ය මුදල් වෙන් කිරීමේ කටයුතු ද දිස්ත්‍රික් ලේකම්වරයා හරහා පූර්ණ වශයෙන් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි එහි සභාපතිකස්තුරි අනුරාධනායක මහතා ප්‍රකාශ කළේ. 

මේ අතර අප්‍රේල් පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා ඊයේ දිනයේදී සඳහන් කළා.  ඒ අනුව, නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 80 ක් සහ සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 85 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරන බවයි ඒ මහතා කියා සිටියේ.

Related posts

රාජාංගණයේ සද්ධාරතන හිමිට වරෙන්තු

Admin

වරාය රවීට.. මුදල් අගමැතිට.. ඇමති මාරුව මාර්තුවේ !!

colombotoday

ISIS අරමුණ ශරියා නීතිය සහිත කැලිෆට් (ඉස්ලාම්) රාජ්‍යයක් බිහිකිරීමයි – ඇමති සජිත්

colombotoday

“අගමැති ඉල්ලා අස්වෙනවානම්, මාත් ඉල්ලා අස්වෙන්න ලෑස්තියි” – ඌව මහඇමතිගෙන් කොන්දේසියක්

colombotoday

සහරාන්ගේ කණ්ඩායමේ දෙවන පෙළ නායකයින් අල්ලනවාට බලපෑම්

colombotoday

ඉන්දීය විදේශ ලේකම් බැසිල් ට අමතයි

colombotoday