Colombo Today Local News

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද

2021 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීම සහ කාරකසභා අවස්ථා පිළිබඳ විවාදය අද (12)දින පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වීමට නියමිත අතර විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 2678ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

මෙම වියදම් ඇස්තමේන්තු හා ණය ගැනීමේ සීමා මෙන්ම ඒ සඳහා රජය ආදායම් ලබාගන්නා ආකාරය සවිස්තරව ඉදිරිපත් කරන අයවැය යෝජනා ලබන නොවැම්බර් 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ කළු ඉරිදා ගැන තතු පාප් වහන්සේට

colombotoday

ආගමික ස්ථාන වල ආරක්ෂාව ඉවත් කල කතා බොරු

Admin

ජයන්ත විජේසේකර විමල්ව අතහරී.. මෛත්‍රීට එක්වෙයි

colombotoday

ලිංගික චෝදනාවෙන් නිදහස් වූ ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන්නැයි නියෝගයක්

Admin

ඇමරිකාවේ විශේෂ දූත පිරිසක් දිවයිනට

colombotoday

ආණ්ඩුව පරිණත නෑ අපිටත් මුහුණ දෙන්න බෑ

Admin