තමා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.
අම්පාර ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
තමන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු වීම කිසි විටෙකත් ජනාධිපතිවරයා සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කිරිමක් හො එරේහි වීමක් නොවන බව ඔහු එහිද වැඩි දුරටත් පැවසීය.