Colombo Today Local News

විදුලියටත් මිල සූත්‍රයක්…

ඉන්ධන සඳහා හඳුන්වාදුන් “තෙල් මිල සූත්‍රය” මෙන් සූත්‍රයක් විදුලිය සඳහාද හඳුන්වාදීමට විදුලිබල අමාත්‍යාංශය පිඹුරුපත් සකස් කරමින් සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

ලබන මස 10 වනදාට පෙර මෙම මිල සූත්‍රය සකස් කිරීමේ දැඩි වුවමනාවකින් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව කියා සිටි රන්ජන් ජයලාල් මහතා විදුලි බල අමැතිවරයාට අභියෝග කරමින් කියා සිටියේ එසේ සිදු නොකරණ බවට හැකිනම් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කරන ලෙසය.

ලබන 23 වනදා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් සංවිධානය කරනු ලබන ජනතා විරෝධතාවය සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල සහභාගීත්වය සහතික කරමින් මාධ්‍ය දැනුවත් කිරිම සඳහා පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් ජයලාල් මහතා…

“මේක තෙල්වලට මිල සූත්‍රයක් හඳුන්වලා දීලා දැන් ගහෙන් වැටිල ඉන්න මනුස්සයට ගොනා ඇන්න වගේ වැඩක් තමයි විදුලි බලය සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමෙන් පස්සෙ සිද්ධ වෙන්නෙ. අපි දන්නවා තෙල්වලට එහා ගිය බරපතල තත්වයක් බරපතල අර්බුදයකට මෙරට පත්වෙනවා. මේ රටේ ජනතාව දැවැන්ත පීඩනයකට ලක් වෙනවා.

දැන් මේ ආන්ඩුවට වෙන විකල්පයක් නැහැ. ඉතින් මේ ආණ්ඩුව රාජ්‍ය ආයතන විකුණනවා, දඩ ගහනවා, බදු අයකරනව වගේම දැන් සූදානම් වෙලා තියෙනවා විදුලි බිලට අත තියන්න. අද හෙටම අලුත් සූත්‍රයක් නිර්මානය කරලා විදුලි බිලට අත තියනවා සහතිකයි.

අපි මේ රටේ ජනතාවට කියනවා මේ සියළු තත්වයන් ඉදිරියේ නිහඬව බලා නොසිට මේ රටේ සියළුම වැඩකරන ජනතාව පක්ෂ පාට භේදයෙන් තොරව හැමෝම 23වනදා කොළඹට ඒකරාශී වෙන්න ඕනා. තමන්ගේ විරෝධය, තමන්ගේ අප්‍රසාදය, මේ ජනපීඩක ආණ්ඩුවට එල්ල කරන්න ඕනා.” යනුවෙන්ද ඒ මහතා පැවසීය.

Related posts

අගමැතිගේ ආර්ථික කමිටුව ජනපති අහොස් කර දමයි !

colombotoday

ඥානසාර හිමි පිලිබදව එල්ලාවල හිමිගෙන් විශේෂ හෙළිදරවුවක්

colombotoday

හපුතලේ කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු මෙන්න. යානය ගුවන් හමුදාවට අයත් එකක්

colombotoday

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව හකීම් පාස්කු කොමිසමේ දී කියයි

colombotoday

ධම්මික පෙරේරා කෝටි දහසකට සිංගර් සමාගම මිලදී ගනී !

colombotoday

වී වගාවට පණු රෝග කිහිපයකින් බලපෑම්

Admin