Colombo Today Local News

ඉන්දියාවෙන් ගෙන්වන හැම මිරිස් කරලකම වස !

chiliශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන සෑම මිරිස් වර්ගයකම මිනිස් ශරීරයට අහිතකර කැඩ්මියම් රසායනික ද්‍රව්‍ය අන්තර්ගතව පවතින බව මෙතෙක් සිදු කරන ලද පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති නමුත් පිටරටින් මිරිස් ගෙන්වීම නැවැත්වීමට විකල්ප ක්‍රමයක් නොමැති බව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති නන්දසේන හේරත් මහතා පවසයි.

ලංකාවට වියළි මිරිස් ආනයනය කරන්නේ ඉන්දියාවෙනි.

ආනයනික මිරිස්වලින් නිෂ්පාදනය කරන ලද ‘චිලී පේස්ට්’ විදේශ රටවලට යවා තිබූ නමුත් එහි මෙම රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වීම නිසා ඒවා මිලදී ගැනීමද අත්හිටුවා තිබෙනවා.

රජරට ප්‍රදේශවල මිරිස් වගාව සාර්ථකව සිදු කළ හැකියි. වසරකට මෙට්රික් ටොන් 50,000කට අධික ප්‍රමාණයක් මිරිස් පිටරටින් ගෙන්වීමට සිදුවී තිබෙනවා.

මේ නිසා විශාල විදේශ විනිමයක් අපට අහිමි වනවා පමණක් නොව ඒවා අනුභව කරන මිනිසුන් රෝගීන් බවට පත්වනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට නම් අපේ භූමියේ අපට අවශ්‍ය මිරිස් වගා කර ගත යුතුයි. මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පටන් ඒ හා සම්බන්ධ ආයතන මූලිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව තිබෙන බව පෙන්වා දීමට කැමැතියි යැයි ඒ මහතා පැවැසීය.

Related posts

“ටික් ටෝක්” එකේ සිදුකල කොටි සැමරුම්

colombotoday

සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් ධීව‍රයෙකු බිමට වැටී මරුට

Admin

බඹරකැලේ නිවසක ගෑස් ලිපක් පිපිරෙයි

colombotoday

ඩීල් ගසා ලැබුණු මුදල් ඉවරයි – ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත ඇදවැටේ

colombotoday

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

Admin

වසර 5කට ආදායම් බදු නිදහස්… බදු අනුපාත 28% සිට 14%දක්වා පහතට… අලුත් ආණ්ඩුවෙන් කෘෂි ක්ෂේත්‍රයට දුන් සහන මෙන්න..

colombotoday