Colombo Today Local News

විජේවීර පුත් උවිදු ගම්පහෙන් තරගබිමට !

රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර පසුගිය කාලය පුරාවට සක්‍රීය දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රකාශයන් සිදුකරනු ලැබීය.

ඒ අනුව නවතම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ උවිඳු විජේවීර හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක වී ඇති බවයි.

එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් උවිඳු විජේවීර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ තීරණයට හේතු වී ඇත්තේ උවිඳු විජේවීරගේ පුද්ගලික මතවාදය බවත් එම මතවාදය හා වඩාත් ගැලපෙන දේශපාලන ධාරාව වී ඇත්තේ පොහොට්ටුව බවත් ආරංචි මාර්ග කියා සිටී.

පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු සඳහන්කර සිටියේ තමා රෝහණ විජේවීරගේ පුත්‍රයා වන නමුත් ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බවයි.

උවිඳු විජේවීර රුසියාවේ විශ්ව විද්‍යාලයකින් සිය මුලික උපාධිය හා පශ්චාද් උපාධිය හදාරා ඇති අතර මේ වන විට සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටියි.

Related posts

කරු කථානායකධුරයට සමුදීමට සූදානම් !

colombotoday

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන 31 වනදා මෙරටට

colombotoday

අතුරුදන් ලයිස්තුවේ සිටි හිටපු කොටි ප්‍රබලයා ස්විස්ටර්ලන්තයේදී මිය යයි

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට විදෙස් රටවල් 6කින් එන මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්

colombotoday

වැලි ටිපරයක ගැටී කොස්තාපල්වරයකු මරුට

Admin