Colombo Today Local News

වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනයට හිටපු කොටි ප්‍රබලයන් දෙදෙනෙක් අත්අඩංගුවට…

මඩකලපුව වව්නතිව් ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ප‍්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකු ඊයේ් (02 වැනිදා) වන විට විමර්ශන කණ්ඩායම් මගින් අත්අඩංගුවට ගෙන තිබේ..

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එල්ටීටීඊයේ ජෙයන්තන් බලකායේ සිටි අජන්තන් හා චාල්ස්‌ ඇන්තනි බලකායේ සිටි ප්‍රබලයකු වන රාසනායගම් සර්වානන්දන් බවට හඳුනාගෙන ඇත.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරක්‍ෂක බුද්ධි අංශ සහ පොලිසිය සිදුකරගෙන යන ඒකාබද්ධ මෙහෙයුමකට අනුවය. දැනට හෙළිවී තිබෙන කරුණු අනුව පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ඝාතනය කරනු ලැබුවේ හිටපු එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් බව විමර්ශන කණ්‌ඩායම්වල වීශ්වාසය වී තිබේ.

අජන්තන් නමැති හිටපු ත්‍රස්‌තවාදියා සිද්ධිය වූ දිනම මඩකලපුවේදී පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබිණි. රාසනායගම් සර්වානන්දන් ඊයේ (02 වැනිදා) අලුයම කිලිනොච්චිය ප්‍රදේශයේදී කොටුකර ගැනීමට විමර්ශන කණ්‌ඩායම් සමත්ව ඇත. කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් රාසනායගම් සර්වානන්දන් නමැති හිටපු කොටි ත්‍රස්‌තවාදියා ඊයේ දහවල් වන විට ප්‍රශ්න කිරීම සඳහා මඩකලපුවට රැගෙන ඒමට කටයුතු කර තිබිණි.

එල්ටීටීඊයේ මහවිරු දින සැමරුමට සහභාගි වීමට මඩකලපුවට පැමිණ සිටි රාසනායගම් සර්වානන්දන් මඩකලපුවේ සිට යළි කිලිනොච්චිය බලා පිටත්ව ගොස්‌ ඇත්තේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ඝාතනය කෙරුණු ඉකුත් 30 වැනිදා ( සිකුරාදා) රාත්‍රියේ බවටද තොරතුරු ලැබී තිබේ.

මඩකලපුවේදී පැවති එල්ටීටීඊයේ මහවිරු සැමරුම සංවිධානය කර ඇත්තේද අත්අඩංගුවට ගෙන සිටින අජන්තන් නමැති හිටපු කොටි ත්‍රස්‌තවාදියා වේ. මෙම සිද්ධිය සම්බනධයෙන් ඊයේ (02 වැනිදා) සවස වන විට හිටපු එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් නව දෙනකුගෙන් පමණ ප්‍රශ්න කිරීමටද පොලිසිය කටයුතු කර තිබිණි.

දිවයින ඇසුරෙනි..

Related posts

දුම්රිය අනතුරෙන් මිය ගිය ඉඳුවරට ලක්ෂ 5ක වන්දියක්

Admin

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහර දුන් 18ක් අත්අඩංගුවට

colombotoday

නීති නිතිවෙදින්ගේ සංගමයේ මිනී කාක්කෝ ශ්‍රෙෂ්ඨාධිකරණයට ඇස ගසයි !

colombotoday

ජනවාරි 1 වැනි දා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

Admin

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

colombotoday

අමරවීර හාද්දී රතන හිමිත් මඩට බහී..

colombotoday