පෙරේදා (02) ලන්ඩන් නගරයේදී පුද්ගලයන් දෙදෙනකුට පිහියෙන් ඇනීමේ සිද්ධියේදී පොලිස් වෙඩි පහරින් මිය ගිය ත්රස්තවාදියා ශ්රී ලංකාවේ සිට සංක්රමණය වූ පවුලකින් පැවත එන බව “ටයිම් ඔෆ් ඉන්දියා” වෙබ් අඩවිය වාර්තා කරයි.
අයි. එස්. අයි. එස්. සංවිධානයේ සහ අල් ඛයිඩා සංවිධානයේ ආධාරකරුවකු වන 20 හැවිරිදි සුදේශ් අම්මාන් නමැති සැකකරු ත්රස්ත ක්රියා සම්බන්ධයෙන් 2018 වසරේ අත්අඩංගුවට පත් වී මෑතකදී නිදහස ලැබූ පුද්ගලයකු බව මෙට්රොපොලිටන් පොලිසිය පවසයි. සුදේශ් අම්මාන් පවුල සම්බන්ධයෙන් මෙට්රොපොලිටන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.