Colombo Today Local News

ලංගම බස් රථයක ගමන්කර කොවිඩ් ආසාදනය වුනොත් වන්දි

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන්කර කොවිඩ් -19 වෛරසය ආසාදනය වුවහොත් එම මගීන් වෙනුවෙන් වන්දි මුදලක් ලබාදෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

ඒ අනුව ලංගම බස් රථයක ගමන් කර යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත වුවහොත් ඔහු වෙනුවෙන් රුපියල් 10,000 මුදලක් ද මිය ගියහොත් රුපියල් 50,000 මුදලක් ද ලබාදීමට තීරණය කළ බව ඔහු සඳහන් කළේය.

“අපගේ මගීන්ගේ ආරක්ෂාව සඳහ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් තීන්දුවක් ගත්තා ආරක්ෂක අරමුදලක් පිහිටුවන්න. කොවිඩ් වෙනුවෙන් මේ ආරක්ෂක අරමුදල පිහිටුවන්නේ. කිසියම් ආකාරයක ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් තුළින් කිසියම් කෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වුණොත් එක් අයෙකුට රුපියල් 10,000ක දීමනාවකුත් කිසියම් ආකාරයකට එවැනි පුද්ගලයෙක් මරණයට පත් වුවහොත් රුපියල් 50,000ක දීමනාවකුත් ගෙවන්න තීරණය කළා. කොවිඩ් -19 වෛරසය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ තුළින් ව්‍යාප්ත නොවීමට අපි උපරීම කටයුතු කරනවා,” යනුවෙන් ද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.

Related posts

දින 40ක් තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 17,301 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

මුස්ලිම් ළමා ජනගහනය සිංහල ළමා ජනගහනයට වඩා තුන් ගුණයක වේගයකින් වර්ධනය වේ

colombotoday

සමහර අපේක්‍ෂකයන් පාතාලයෙන් සල්ලි අරන්

colombotoday

සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු SF ලොකූ අත්අඩංගුවට !

colombotoday

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය අවුරුදු 150කට බංග්ලාදේශයට !!

colombotoday

නවසීලන්ත අගමැති එයි

colombotoday