Colombo Today Local News

ලංකා ඉතිහාසයේ එකවැර ගෙවූ දැවැන්තම ණය මුදල රජය ගෙවා දමයි…

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ගෙවීමට නියමවූ වැඩිම විදෙස් ණය ප්‍රමාණය 2019 වසරේ ගෙවීමට සිදුව ඇති අතර ඒ ඇමරිකානු ඩොලර් බිලියන 5.9 ක් වන බවත් එයින් එකවර ගෙවීමට තිබෙන විශාලතම මුදලක් අද (14) දින ගෙවා දැමුණු බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු පැවසීය.

ඔහු සඳහන් කළ ආකාරයට අද දිනට කල්පීරුනු ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක් වෙනුවෙන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක මුදලක් එසේ ගෙවා ඇති අතර එය 2014 වසරේ රාජපක්ෂ රෙජීම පාලන සමයේදී නිකුත් කරනු ලැබුවකි.

එසේම තවත් ඇමරිකන් ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක් එළඹෙන අප්‍රේල් මාසයේදී කල්පිරින අතර ඒ ගෙවීම සඳහාද රජය සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

(නිව්ස් ටියුබ්)

Related posts

පාර වසා උද්ඝෝෂණය කර මහජනයා පීඩාවට පත්කරාට අගමැතිට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක්

colombotoday

මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්

colombotoday

මෙරටින් රැගෙන ගිය කෝටි 4.5ක රත්‍රං ඉන්දියාවේ දී මාට්ටු

Admin

බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කරයි

colombotoday

මෙරට වාහන එකලස් කිරීමට අවසර

colombotoday