Colombo Today Local News

රාජිත රකින්නේ කවුද? සුදත්ත හිමිගෙන් හෙළිදරව්වක්. 2015දී වගේ 2019දීත් අපිට වැරදුනා ?

හිටපු ඇමති රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුනත් මේ වනතෙක් ආරක්ෂක සමත් වෙලා නෑ ඔහුව අත්අඩංගුවට ගන්න. ඒ තුළින් පැහැදිලි වන්නේ රටේ බුද්ධි අංශ තවමත් සක්‍රිය තත්ත්වයක නොමැති බවයි කියන කාරණාව ද කියලා ප්‍රශ්න කරනවා. යැයි මගල්කන්දේ සුදත්ත හිමි අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

නීතිය කිරීමේදී මන්දගාමී ස්වරූපයක් අනුගමනය කිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් බවත් පසුගිය දා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවුණු බව දැනගන්නට තිබෙන බවත් සුදත්ත හිමි සඳහන් කරන ලදි.

මෙම හේතුන් මත මේ රජය නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ධනය බලය අනුව වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරනවා යැයි තමන් වහන්සේ යෝජනා කරන බවත් ඒ හිමියෝ සඳහන් කරන ලදි.

2015 ජනවාරි 8 වැනි දා මේ රටේ ජනතාව වරද්දා ගත්තා සේම නැවත වතාවක් අපට වැරදුනාද කියල හිතන්න සිදුවීම ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක් බවත් සුදත්ත හිමියෝ ප්‍රකාශ කළහ.

Related posts

“නාමල්ගෙන් උපදෙස් ගන්න මම දේශපාලන බබෙක්ද” – හිටජු ජනපති

colombotoday

චෛත්‍යයට නැග ඡායාරූප ගත් සිසුන් අටදෙනා අත්අඩංගුවට

colombotoday

CCTV: මන්දමානසික තරුණයෙකුට මුස්ලිම් ජාතිකයන් පිරිසක් පහර දෙයි

colombotoday

නව කැබිනට් ප්‍රකාශකයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරු තිදෙනෙක්

colombotoday

විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසඳීමට ගත් අලුත් පියවර

colombotoday

ජනතාව මුලා කරමින් POLISH, RABUKKANA… ජීප් රථය ධාවනය කළ සැකකරු අත්අඩංගුවට

colombotoday