Colombo Today Local NewsCovid 19

රතන සූත්‍රය දේශනා කිරීම ඉතාමත් වටිනවා !

ශ්‍රී ලංකාව පුරා රතන සූත්‍රය සජ්ඣායනය කිරීම වැනි ආධ්‍යාත්මික කටයුතු සිදුකිරීම රටේ පවත්නා තත්ත්වය සමනය කිරීමට ඉතා වටිනා බව කොළඹ අගරදගුරු මැල්කම් රන්ජික් කාදිනල්තුමන් පවසයි.

එතුමන් මේ බව කියා සිටියේ පසුගිය සෙනසුරාදා (15 වැනිද) කොළඹ අගරදගුරු නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම කොවිඩ් -19 රෝගය පැතිරී යෑම වැළැක්වීම සඳහා රජය ගෙන යනු ලබන වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමක් ලෙස මාර්තු මස අග වෙනතෙක් ඉරිදා දිව්‍ය පූජාව සහ සියලුම එක්රැස් වීම් නවත්වනවා. එය මූලික වශයෙන්ම අපේ රටෙත් ලෝකයෙත් මෙම රෝගය වැළැක්වීමට ගත් පියවරක්. ඔබේ යැදුම් නිවසේ සිටම කරන්න. මේ වෙලාවේ දේශපාලන පක්ෂ වශයෙන් බෙදිලා කුලල් කා නාගෙන වෛරසයෙන් එල්ලවෙන බලපෑම් නවත්වාගන්න එකතු වෙන්න යැයි කාදිනල් තුමා ඉල්ලා සිටියහ.

Related posts

විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්

colombotoday

මුහුණු පොත හරහා අලෙවි ජාවාරම් කල සිව් දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ඉදිවෙමින් තිබූ සුළං විදුලි කුළුණක කොටසක් දොඹකරයක් මතට කඩා වැටෙයි

Admin

කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් STF දැලේ

colombotoday

කිසිම මුදල් ඇමතිවරයෙක් නොකළ වැඩක් රවී කරලා – බැදුම්කර කොමිසමේ සාක්කිවලින් හෙළිවේ

colombotoday

‘තනතුරු ලැබෙනවානම් කා එක්ක වුණත් එකතු වෙනවා’ – මහින්ද අමරවීර

colombotoday