Colombo Today Local News

රටක තිබිය යුත්තේ එක නීතියක් – එය සැමට පොදු විය යුතුයි – දුමින්ද

රටක අපි ජීවත් වෙනවා නම් එක නීතියක් තිබිය යුතු බවත්, ඒ නීතිය ජාතීන්ට, වර්ග වලට බෙදා වෙන් කළ නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ තලාව ක්‍රිස්තියාණී දෙව් මැදුර සඳහා පුටු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“බෞද්ධයෝ විදිහට අපි සියලු ජාතීන් එක්ක හොඳින් එකට එකතු වෙලා ජීවත් වෙච්ච කට්ටියක්. හැබැයි පසුගිය කාලය තුළ අපි අතර නොයෙකුත් සැකයන්, වෙනස්කම්, අපි නොදැක්ක දේවල් දකින්න පටන් ගත්තා. පසුගිය කාලයේ මේ රටේ ඇති වුණ අපි බලාපොරොත්තු නොවුණ  යම් යම් සිද්ධීන් එක්ක, ඉතිහාසයේ ඉඳන් ගත්තම අපි බොහෝම සමගියෙන් හිටියා. අපිට ජාති, ආගම්, කුල, මළ භේද කිසිවක් නැතිව අපි ඉතාම හොඳින් හිටියා.

අපේ  සියලු ආගම් අතර ඉන්න අන්තවාදී පිරිස් විසින් පසුගිය කාලයේ රටටම විශාල හානියක් කරන විට ක්‍රිස්තියානී ආගමට විශාල හානියක් සිදු කළා. ඒ අප අතරම ඉන්න අන්තවාදීන් පිරිසක්. කොයි තරම් අපට ඒක රිදෙනවාද, දැනෙනවාද කියලා ගත්තොත්, පාස්කු ප්‍රහාරය සිදු වෙලා පැයක් වගේ ඇතුළත අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව් මැදුරට ගිහින්, පියතුමා හමුවෙලා මම කටුවාපිටිය දේවස්ථානයට පැය 3-4 ක් ඇතුළත ගියා. ඒ ගියපුවහම මම දැක්කා සිදු වෙලා තිබුණ විනාශය. ඒ මිණී  තිබුණ විදිහ, ඒ පවුල් වල දෙමාපියන් සහෝදරයන්, මගේ යාළුවෝ අඬපු විදිහ, ඒ විදිහට අපි අතර යම් අසමඟියක් ඇති කරන්න සමහර වෙලාවට අපි අතර ඉන්න නූගත්, වෙනත් මතයන් වල ඉන්න සමහර අන්තවාදී පිරිස් උත්සාහ කළා. ඒ නිසා අපි ඉතාමත් අවබෝධයෙන් කටයුතු කරන්න ඕනකම තියෙනවා.

අපි බෙදුණම, වර්ග වලට කැඩුණම තමා වෙනසක් තේරෙන්නේ. අපි වර්ග වලට කැඩෙන් නැතිව ඉන්නවා නම් සියලු දෙනාම මනුෂ්‍යයෝ විදිහට, මම කැමති ආගමක් මම අදහනවා, තව කෙනෙක්ට තව ආගමක් අදහන්න පුළුවන්. වෙනස වෙන්නේ අපේ ඇදහිල්ලේ විතරයි. හැබැයි හැමෝම මනුෂ්‍යයෝ ලෙස එකට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා.

ඉතිහාසයෙත් අපි බෙදුණා. අපි නොදැනුවත්වම. ඉංග්‍රීසින් අපේ රට යටත් කර ගත්තේ සිංහලේ  හෝ හෙළය විදිහට. සිංහලෙන් සන්නසක් ලියලා ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා අපේ රට යටත් කර ගත්තා.1948 නැවත අපිට රට දෙන කොට දුන්නේ සිංහල සන්නස එක්ක නෙමෙයි.  ඉංග්‍රීසි සන්නසින් දුන්නේ. හැබැයි ඒ දෙන කොට ඒ ඉංග්‍රීසි ආණ්ඩුව අපිව බෙදලා දුන්නේ. අපිට නිදහස ලබා දෙන කොට කොඩි 03 ක් ඔසවනවා. සිංහල, දෙමළ, මුස්ලිම් විදිහට. ඒ කොඩි 03 ඔසවන්න සූදානම් කරන්නෙත් අපිව යටත් කරන් හිටපු අයමයි. ඒ කොඩි 03 ක් එසවීම වෙනුවෙන්ම අපි අලුතින් කොඩියක් නිර්මාණය කරනවා මුස්ලිම් අයට. කතෝලික අයට. බෞද්ධ අයට වෙනම කෑල්ලක් කියලා. හැබැයි අපේ පැරණි කොඩිය තිබුණේ හැමෝටම පොදු කොඩියක් ලෙසයි. ඇමරිකාවේ කොඩියේ  ජාතීන් නියෝජනය වෙන්නේ නෑ.  ඉන්දියාවේ කොඩියේ ජාතීන් නියෝජනය වෙන් නෑ. හැබැයි අපිට නිදහස ලබා දෙද්දී අපිව බෙදලා තමයි නිදහස දෙන්නේ. ඒ නිර්මාණය වුණ බෙදීම තමා තාමත් අපි බෙදි බෙදී, අවසානයේ කුල වලට බෙදෙන තත්ත්වයට ඇවිත් තියෙන්නේ” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

විධායකය අහෝසි කිරීමට අගමැති ගෙනා යෝජනාවෙන් කැබිනෙට්ටුව රත්වෙයි. බහුතරය විරුද්ධයි. පක්‍ෂ රාජිත සහ රවි පමණයි

colombotoday

ඉෂාලනිගේ දෙමව්පියන්ට රිෂාඩ් කොතරම් බලපෑම් කරාවිද? ඇප ලැබීම ප්‍රශ්නයක්…

colombotoday

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීට ජනපති ශෝකය පළ කරයි

Admin

කොස්තාපල්වරයකුගේ ගිනි අවිය පත්තු වී සැරයන් රෝහලේ….

Admin

TNA සහය රට බෙදීමට සහය වන අයටයි !

colombotoday

නබිනායකතුමාගේ දර්ශනය ජීවිතයට ආදර්ශයක්….

colombotoday