Colombo Today Local News

රජයේ ස්ථිර රැකියා මීටපසු නෑ -ආයතන ප්‍රධානියා අකමැතිනම් වසර අගදී රාජ්‍ය සේවයෙන් දොට්ට

VV_sri-lanka-national-government-emblem-logo-crest-raajya-rajya-laanchanaya-lanchanaya-image

ඉදිරියේදි රාජ්‍ය සේවයට බඳවා ගන්නා අයට හිමිවන්නේ ගිවිසුම්ගත රැකියාවක් මිස, පත්වීම් ලිපියක් මගින් ලැබෙන ස්ථිර පත්වීමක් නොවන බවට වාර්තා පලවෙනවා.

ඒ අනුව එසේ ගිවිසුම් ගතවන සේවකයන්ට රාජකාරි ලයිස්තුවක් ලබාදෙන බවද පැවසේ.

එම රාජකාරි ලයිස්තුවට අදාලව එම සේවකයා සිය කාර්යය ඉටු නොකළ බවට ආයතන ප්‍රධානියා තීන්දුකළ හොත්, ඊළඟ වසර සඳහා එම ගිවිසුම අත්සන් නොකර සිටීමට ආයන ප්‍රධානියාට බලය ඇතැයිද වාර්තා වේ.

රාජ්‍ය සේවයේ නියුතු සෑම සේවකයකුම රජය සමඟ ගිවිසුමකට අත්සන් කිරීම අනිවාර්ය කිරීමට සැරසෙන අතර
මෙම ගිවිසුම අත්සන් කළ පසු සේවකයන්ගේ පත්වීම් බල රහිතවන බවද පැවසේ.

රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදාල ගිවිසුම අත්සන් කිරීම මුලින්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් සිදුකරන බවටද පවසා ඇතැයි පැවසේ.

අමාත්‍යවරයා ලබන වසරේ සිට රජයේ සේවකයන්ට නිශ්චිත රාජකාරියක් පැවරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් එමෙන්ම රාජ්‍ය සේවකයන්ගේ ධාරිතාව සම්බන්ධයෙන් අවශ්‍යය කටයුතු සිදුකරන බවට ද 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ දී රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂය පිළිබඳව අදහස් දක්වමින් අද (15) පාර්ලිමේන්තුවේදී ද ඉඟි පල කළේය.

Related posts

මුස්ලිම් කාන්තාවන්ට නීතියේ ප්‍රශ්න. | හැම කාන්තාවකටම නීතිය එකක් විය යුතුයි.

colombotoday

අයින් කළේ නෑලු අයින් වුණා ලු

Admin

ලංවිම වැඩ වර්ජනය තාවකාලිකව නවතී | ගල් අඟුරු බලාගාර සියල්ල සක්‍රීයයි

colombotoday

වසර 25කට පසු පෞද්ගලික ගුවන් ගමන් සදහා කොළඹ අහස විවෘත වෙයි !

colombotoday

ගම්පහ සහ අක්කරෙයිපත්තුවේ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

“යළි නැඟිටින්න නම් එපා වැඳලා ඉල්ලන්නම්”

Admin