Colombo Today Local News

රංජිත්-රන්ජන්-රාජිත ඇතුළු හිටපු රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7කට සිතාසි

රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක ඇතුළු පසුගිය රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7 දෙනෙකුට සිතාසි නිකුත් කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම තීරණය කර තිබේ.

ඒ වයඹ නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසානායක මහතා විසින් අදාල කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළවයි.

2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අසත්‍ය සාක්ෂි ගොනු කරමින් තමාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරූ බව පවසමින් ඩී.කේ.පී දසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.

අදාල පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පසුගිය රජයේ කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් ඇතුළු 6 දෙනෙකුට ලබන 15 වන දා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක, අජිත් පී. පෙරේරා, ඩී.එම්.ස්වාමිනාදන් සහ ජේ.සී වැලිඅමුණ යන අයට මෙලෙස සිතාසි නිකුත් කෙරෙන බව සඳහන්.

මීට අමතරව සිද්ධියට අදාලව පොලිස් මූල්‍ය අපරා‍ධ විමර්ශ කොට්ඨාශයේ හිටපු ප්‍රධානි රවී වෛද්‍යාලංකාර මහතාට ද ලබන 15 වන දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට නියමිත බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

Related posts

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

colombotoday

අගරදගුරුගේ ඉල්ලීමට ප්‍රතිචාර ලැබේ.. ‘අනුරාගිනී‘ වාරණයට ලක්වේ !!

colombotoday

ඒකාබද්ධයෙන් ආ ශ්‍රියානිට රාජ්‍ය ඇමතිකමක්

colombotoday

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ආණ්ඩුව සහ පොලීසිය සැලසුම් කරනවා නම් ජනතාවගේ ආරක්ෂාව ගැටළුවක් – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

ඇමරිකානු යුධ නෞකාවක් 500ක් සමග හෙට කොළඹට !

colombotoday

මාලක සිල්වාට ඇප

colombotoday