Colombo Today Local News

යාපනයේ 17 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්වෙයි

යාපනයෙන්,ඉලවාලෙයි ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි පිරිසක් දැරියක් සමූහ වශයෙන් අපයෝජනයට ලක්කොට ඇති පුවතක් වාර්තාවෙයි.

යාපනය, ඉලවාලෙයි පත්තාවත්ත නමැති ප්‍රදේශයේ නිවසක් කොල්ලකා අදාළ නිවසේ සිටි 17 හැවිරිදි දැරියක් සමූහ වශයෙන් අපයෝජනයට ලක්කළ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු ඇතුළු කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය ඉලවාලෙයි පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ‍නිවස කොල්ලකෑම හා දැරිය අපයෝජනය සිදුකිරීමට සෘජුව සම්බන්ධවි ඇති තරුණයින් වන යාපනය තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු හා යාපනය ඒලාලෙයි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.‍

නිවස කොල්ලකෑම වෙනුවෙන් උපකාර කළ බව කියන තවත් පුද්ගලයෙකු හා නිවස කොල්ලකා ලබාගත් රත්රන් ජාවාරමට සම්බන්ධ තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ සැකකරුවන් පසුගිය 19 වැනිදා සිද්ධිය සිදුකොට ඇති අතර, පොලිසිය වෙත ලද තොරතුරක් මත සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රදවාගෙන ප්‍රශ්න කළ බවයි. සැකකරුවන් අද(28) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

පදමට සුර්වූ අගමැති “හත්පොලේ ගා ගනී”

colombotoday

සඳුදා සිට බදාදා තෙක් විදුලිය විසන්ධි කරන වේලාවන් නිකුත් කෙරේ…

colombotoday

පාසල්වල වැඩ කාර්යක්ෂම කරන්න අලුත් තනතුරක්

colombotoday

බදු පනතට එරෙහිව කළු සතියක්

Admin

මේ වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155ක් – රෝගීන්ගෙන් 10%ක් අවුරුදු 14ට අඩු දරුවන්

Admin

නීති විරෝධී වත්කම් විමර්ශනයට නව පොලිස් ඒකකයක්

colombotoday