Colombo Today Local News

‘ කොවිඩ් එන්නතත් නොමිලේ ලබාදෙන්නේ ‘ – ඇමතිනී සුදර්ශනි

රජය මගින් කොවිඩ් එන්නත ජනතාවට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය ඇමතිනී, “අපි රජයේ හැම එන්නතක්ම නොමිලේ ලබාදෙනවා වගේ කොවිඩ් එන්නතත් රජය නොමිලේ ලබාදෙන්නේ,” යනුවෙන් සඳහන් කළාය.

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත මෙරටට ලැබුණු සැනින් එන්නත්කරණය ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සකස් කර ඇති බවද ඇමතිවරිය සඳහන් කළාය.

කොවිඩ් මර්දන මෙහෙයුම්වල ඉදිරිපෙළ කටයුතු කරන පිරිසට පළමුව එන්නත් ලබාදෙන අතර පළවෙනි වටයේ එන්නත්කරණයෙන් පසු සති 3කින් දෙවන මාත්‍රාව එන්නත් කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

“කොවැක්ස් පහසුකම හරහා 20%ක එන්නත් ප්‍රමාණයක් අපිට නොමිලේ ලැබීමටත් නියමිතයි. ඊට අමතරව අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී ගෙන ජනතාවට ප්‍රමුඛතා ලයිස්තුව අනුව ලබාදීමට සැලසුම් කරලා තියෙනවා. එන්නත් ආනයනය කිරීමේ වගකීම දීලා තියෙන්නේ SPC ආයතනයට.”

Related posts

ජාත්‍යන්තර ගුවන් විදුලි සේවයක ප්‍රවෘත්ති කියන ලොව ප්‍රථම භික්ෂුව – කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවෝ

colombotoday

බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක ආධාරයක්

Admin

ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවතට

colombotoday

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

colombotoday

රිය අනතුරකින් අවුරුදු 7ක දැරියක් මිය යයි

Admin

උකස් ගත් කෝටි 2කට අධික රන් භාණ්ඩ බැංකුවෙන් අතුරුදන්

Admin