Colombo Today Local News

බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක ආධාරයක්

ජැයිකා ආයතනය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල විසින් බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144 ක් අද (22) දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට භාරදීම සිදු කෙරේ.

මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු වගාව ඉහළ නැංවීමේ අරමුණෙන්, අධාරයක් ලෙස එය ලබාදෙන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය සඳහන් කරයි.

තුංමුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ තනාපති කාර්යාලයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිත හැනා සිංගර් මහත්මිය, තායිලන්තයේ මෙරට තනාපතිවරයාගේ සහභාගිත්වයෙන් බඩ ඉරිඟු තොග මෙරටට භාරදීමේ කටයුතු සිදු කෙරෙනු ඇති.

අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරන්නේ, මොනරාගල හා අම්පාර මහවැලි ප්‍රදේශවල ගොවීන්ට මෙම බඩ ඉරිඟු බෙදා හැරීම සිදු කරන බවයි.

ගොවීන් 2900 දෙනෙකු ඒ සඳහා තෝරාගෙන ඇත.

Related posts

‘අන්තර්ජාලයේ, සමාජ මාධ්‍යයේ පළකෙරෙන දේවල්වලින් 75% ක් බොරු’ – ජනපති

colombotoday

රත්මලානේදී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය පාවාදෙන අවසන් මෙහෙයුමත් ඇරඹෙයි !

colombotoday

රන්දිය උයන නිවාස සංකීර්ණය අසල වෙඩිතැබීමෙන් බඩා රංජි මරුට

Admin

“ඉදිරි කාලයේ දී පොහොර මිල අඩුවෙයි.” – ජානක වක්කුඹුර

colombotoday

ඤාණසාර හිමිට නිදහස ලබා දෙන්නැයි බුද්ධ ශාසන ඇමති, ජනපතිගෙන් ලිඛිතව ඉල්ලයි…

colombotoday