Covid 19

යාපනයේ උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සංචරණ සීමා.

යාපනය, මරදනාමඩු පොදු වෙළඳ සංකීර්ණයේ සිටි පුද්ගලයින් කිහිපදෙනකු කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී හදුනාගැනීමත් සමඟ යාපනය උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සංචරණය සීමා පැනවීම කටයුතු කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් කේ.මහේෂන් මහතා පැවසීය.

මරදනාමඩු පොදු වෙළඳ සංකීර්ණයේ සේවකයින්ගේ හා වෙළෙඳුන්ගේ අහඹුලෙස සිදුකළ පී.සී.ආර්. සාම්පල පරීක්ෂාවකදී පුද්ගලයින් හයදෙනකු ආසාදිතයින් ලෙස වාර්තාවීමත් සමඟ මරදනාමඩු පොදු වෙළෙඳ සංකීර්ණයද හුදකලා කිරීමට පියවර ගත් බව පැවසීය.

උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරීවසම් 30කින් 28ක් එලෙස සංචරණ සීමා යෙදවීමට කටයුතු කොට ඇති බවද පැවසීය.

ප්‍රදේශයන් හි සංචාරක සීමා යෙදවීම සඳහා යුද හමුදාව හා පොලිසිය යොදවා ඇති බවත් ප්‍රකාශ කළේය.

හදුනාගත් ආසාදිතයින් සමීපතව ඇසුරුකළ පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමුකිරීමට පියවරගෙන ඇති අතර ඔවුන් සඳහා පී.සී.ආර් පරීක්ෂණය සිදුකිරීමට නියමිත ඇති බවත් යාපනය සෞඛ්‍ය අංශ පැවසීය.

ගතවූ පැය 24 කාලයතුල යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් – 19 වෛරසය ආසාදිතයින් අටදෙනකු වාර්තාවූ බවත් යාපනය ශික්ෂණ රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.

Related posts

කොරෝනා තවත් දරුණු වෙයි. | අද හඳුනාගත් ආසාදිතයින් ගණන 2,659ක් දක්වා ඉහලට

colombotoday

ඊයේ තහවුරු කල කොවිඩ් මරණ 21ක්

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday

පිළියන්දල මාළු ව්‍යාපාරිකයාගේ සමීප ඥාතීන් දෙදෙනෙකුත් රෝහලට

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් ඉහළ යයි

colombotoday