Colombo Today Local News

නිදන්ගල පුරා විද්‍යා රක්ෂිතයේ පුරාවස්තු ඩොසර් කර නිවාස හදලා

අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැළකෙන සෙල්ලිපි , පොකුණු හා විවිධ නටඹුන්වලින් පිරී පවතින නාච්චාදූව නව නගරයේ නිදන්ගල පුරාවිද්‍යා රක්ෂිතයේ පුරාවස්තු බුල්ඩෝසර් කර පිරිසක් විසින් බලහත්කාරයෙන් නිවාස ඉදිකොට තිබේ.

නාච්චාදූව නව නගරයේ අංක 536 ග්‍රාම නිළධාරී වසමේ පිහිටි නිදන්ගල පුරාවිද්‍යා රක්ෂිතයේ ඇති නටඹුන්වල ඉතිහාසය ක්‍රි.ව. 3 වන ශතවර්ෂය දක්වා විහිදෙන බව පුරාවිද්‍යා මතයයි.

ක්‍රි.ව. 3 වන සියවසේ මහසෙන් මහරජතුමන් විසින් ඉදිකරන ලද නාච්චාදුව ජලාශය එදා මෙදාතුර රජරට ගොවි ජනතාවගේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් සේ සැළකේ.

එවන් ඓතිහාසික භූමියක පිහිටි නිදන්ගල පුරාවිද්‍යා රක්ෂිතය අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැළකෙන සෙල්ලිපි , පොකුණු හා විවිධ නටඹුන්වලින් පිරී පවතී.

වසර ගණනාවක් තිස්සේ ආරක්ෂිතව පැවති මෙම භූමිය මෑත කාලයේදී මෙසේ විනාශකර බලහත්කාරයෙන් නිවාස ඉදිකිරීම සිදුවන්නේ කාගේ බල පුළුවන්කාරකමකට දැයි ජනතාව ප්‍රශ්න කරති.

මේ පිළිබඳව අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරුමැද සහකාර අධ්‍යක්ෂ පාලිත වීරසිංහ මහතා ගෙන සිදුකළ විමසුමේදි ඒ මහතා මෙසේ පැවසිය.
මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබි ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් පියවර ගන්නා බවයි.

Related posts

මීළඟ පැනිල්ල ඇමති දුමින්දගෙන් ?

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන්, මිලියන 720ක අතුරු වන්දිය මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කරයි

colombotoday

නීති විරෝධීව ගෙන්වූ ගිතෙල් කිලෝ 1500 ක් ගිතෙල් රේගු භාරයට

colombotoday

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් මේ සතියේ දිවයිනට | ලිට්‍රෝ සමාගමට දෛනිකව කෝටි 25ක පාඩුවක්

colombotoday

කෑගල්ල බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලුම් 2300ක් කොළඹ වරායේ

colombotoday