Colombo Today Local NewsCovid 19

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්

නව ආසාදිතයින් 50 දෙනෙක් අද (22) දිනයේ දී හමුවීමත් සමග මෙරට දී හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 6000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන ද 2,558ක් දක්වා ඉහළ ගියේය.

මෙරට සමස්ථ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වන විට 6,028ක් ලෙස දැක්වෙන අතර, රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2,454ක් වේ.

අද වන විට පුද්ගලයින් 3,561ක් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මෙරට දී හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයා ජනවාරි මස 27 වන දා වාර්තා විය. ඒ චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවකි.

කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වන්නේ මාර්තු මස 11 වන දාය. එම ආසාදිතයා සංචාරක මඟ පෙන්වන්නෙකි.

ඒ අනුව මැයි 19 වන දින වන විට මෙරට වාර්තා වන සමස්ථ ආසාදිතයින් 1000 සංඛ්‍යාව ඉක්මවා ගියේය. ජූනි මස 24 වන දින ආසාදිතයින් 2000ත්, අගෝස්තු 30 වන දින ආසාදිතයින් 3000ත් ඔක්තෝබර් 6 වන දින ආසාදිතයින් 4000 සීමාවත් ඉක්මවා ගිය අතර, ඔක්තෝබර් 13 වන දින 5000 සීමාවත් ඉක්මවා ගියේය.

ඒ අනුව දින 9ක් වැනි කෙටි කාලයක් තුළ දී මෙරට අවසන් කොරෝනා ආසාදිතයින් 1000 වාර්තා වීම සුවිශේෂි වේ.

මේ වන විට මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 13කි.

මේ අතර, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ පුද්ගලයින් 800කට අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවය.

ඒ අනුව පුද්ගලයින් 863 දෙනෙකු දියතලාව, කුණ්ඩසාලේ, මුලතිව්, මඩකලපුව, පලාලි සහ පෙරියකාඩු යන ප්‍රදේශවල යුද හමුදාව සහ ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මද්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව: නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් 3ක් නිදොස් කොට නිදහස්

Admin

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

colombotoday

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙටත්

Admin

මන්ත්‍රීවරු 80කට අල්ලස් හෝ දුෂණ චෝදනා. වැඩිම පැමිණිලි අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. | කොමිසමෙන් විමර්ශන.

colombotoday

අමාත්‍යංශ දෙකකට නව ලේකම්වරු

colombotoday

උතුරු නැගෙනහිර සතුන් මියා යාමට හේතුව මෙන්න

Admin