Colombo Today Local News

මුස්ලිම් නිවසක සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීතිවිරෝධී සිගරට් තොගයක් සොයාගනී

තලාතුඔය  උඩුදෙණිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් නිවසක රහසිගතව සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීති වීරෝධීව මෙරටට ගෙන්වා ඇති සිගරට් හා රතිඤ්ඤා තොගයක් අද (28) දහවල් තලාතුඔය පොලිසිය  අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසේ ඉබි යතුරු දමා වෙන් කළ කාමරයක මෙම ද්‍රව්‍ය තිබී ඇති අතර එහි පෙට්‍රල් ලීටර් 300 ක්, ඩීසල් ලීටර් 80 ක් ද තිබී හමුවී ඇත.

තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිශාන්ත මහතා ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.

පසුගිය දිනවල දිගන ප්‍රදේශයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ලවීම් සම්බන්ධයෙන් මෙහි කිසියම් සබඳතාවයක් ඇතැයි ද  යන්න පිලිබඳව පරීක්ෂණ පැවැත්වේ.

Related posts

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයත් මාසකට ලක්ෂ 96ක කුලී ගොඩනැගල්ලක !

colombotoday

උතුරේ නැවතත් ජාතිවාදී ක්‍රියා හිස ඔසවනවා.. හමුදා ශක්තිය තර කරන්න – ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

colombotoday

ආණ්ඩුව බැරිකම වහගන්න රාජ්‍ය සේවකයන්ට චෝදනා කරනවා

Admin

සාමකාමීව විරෝධතා දැක්වීමට ලාංකිකයන්ට අයිතියක් තියෙනවා – අමෙරිකානු තානාපති

colombotoday

“ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් ලංකාවත් අවදියෙන් සිටිය යුතුයි”

colombotoday

පොල් වලින් හොයපු රු. දොළොස් කෝටි පනස් ලක්ෂයක් භාණ්ඩාගාරයට දෙයි

Admin