Colombo Today Local News

උතුරේ නැවතත් ජාතිවාදී ක්‍රියා හිස ඔසවනවා.. හමුදා ශක්තිය තර කරන්න – ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

fsnutaයාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ මිලේච්ඡ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

මේ බව සඳහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ දැක්වෙයි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ මිලේච්ඡ ප්‍රහාරය අපි ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. ආචාර්යවරු සහ යාපන විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරිපිටදී සිදු වූ මෙම ප්‍රහාරය සැලසුම් සහගතව ජාතිවාදී පදනමින් සිදු වී ඇති බව පැහැදිලිය.

දෙමල සිසුන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සිංහල සිසුන්ටද ඒ ආකාරයෙන්ම තිබිය යුතු බව අපගේ වැටහීමයි. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී යාපනයේ සහ වවුනියාව මණ්ඩපයේ සිංහල සිසුන්ගේ ආරක්ෂව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

තව ද මේ ආකාරයේ ජාතිවාදී ක්‍රියාකාරකම් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් උතුරේ හමුදා ශක්තිය වර්ධනය කිරීමත් කිසිදු හමුදා කදවුරක් ඉවත් නොකිරීමටත් රජය කටයුතු කල යුතු බව අපේ අදහසයි.

ආචාර්ය චන්න ජයසුමන
ලේකම්,
ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් වෛද්‍ය චන්න ජයසුමන මහතා අදාළ සිදුවීම සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක්ද තබා තිබෙනවා.

අප විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය දැකීමෙන් පසු ඊයේ රාත්‍රියේ සිට යාපන විශ්ව විද්‍යාලයේ සිංහල සිසුහු කිහිප දෙනකු මා ඇමතුහ. ඔවුන් සියලු දෙනා පැවසුවේ එකම කතාවක් නිසා එය පළ කිරීම වැදගත්යැයි සිතමි.

විද්‍යා පීඨයට නවක සිසුන් පිළිගැනීමේ සාදය (welcome party) ඊයේ දිනයේ පැවැත්විණි. 2010 වසරේ සිට විද්‍යා පීඨයට සිංහල සිසුන් ඇතුල් කර ගෙන තිබේ. 2010 වසරේ සිසුන් සංඛ්‍යාව 6 දෙනකි. මේ වන විට එක් කණ්ඩායමක සිංහල සිසුන් 100 ක් පමණ සිටී. 2010 වසරේ සිටම සිංහල දෙමළ සිසුන් එක්ව පිළිගැනීමේ සාද පවත්වා ඇත.
කෙසේ වෙතත් දැන් වසරක පමණ සිට සිංහල සිසුන් කෙරෙහි දෙමළ සිසුන් දක්වන ආකල්පයේ සැලකිය යුතු වෙනසක් සිදු වී ඇත. විවිධ ආකාරයෙන් අඩන්තේට්ටම්වලට සිංහල සිසුන් ලක් වී ඇත.

මේ ගැන විද්‍යා පීඨ පීඨාධිපතිවරයාට පැවසු කළ ඔහුගේ පිළිතුර බය නැතිව ඉන්න, ඕගොල්ලොන්ට අත තියන්න දෙන් නෑ ; මට ඔය ඔයොක්කොම බයයි; හමුදාවත් මාත් එක්ක හොඳයි. යනුවෙනි. පීඨාධිපතිවරයාගෙන් සහනයක් නොවූ කල අන් පීඨවල සිටින සිංහල සිසුන් ද හා එක්ව ඔවුන් සිංහල සංස්කෘතික සංගමයක් පිහිටුවා එය ලියාපදිංචි කිරීමට උත්සාහ දරා ඇත. යාපන විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා එය ප්‍රතික්ෂේප කර කිහිප වරක්ම සිසුන් මග හැර ගොස් ඇත.

මේ උත්සවය සංවිධානය කරන විට සිංහල සිසුන් ඉන් ඉවත් කිරීමට දෙමළ සිසු පිරිසක් උත්සාහ දරා ඇත. එහෙත් සිංහල සිසුහු සුපුරුදු පරිදි වෙස් නැටුමක් සමග නවක සිසුන් පිලි ගැනීමේ උත්සවය සංවිධානය කළහ. උත්සවය අවස්ථාවේ වෙස් නැටුම අරඹනවාත් සමග ශ්‍රාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා (උත්සවය තිබුනේ විද්‍යා පීඨයේ ය. ශ්‍රාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා එහි පැමිණීමට කිසිදු හේතුවක් නැත.) තවත් කිහිප දෙනකු සමග පැමිණ නැට්ටුවාටත් සෙසු සිංහල සිසුන්ටත් පහර දී ඇත. ඒ අවස්ථාවේ විද්‍යා පීඨ ආචාර්යවරු කිසිදු පියවරක් ගෙන නැත. මෙම පහර දීම කළ ආගන්තුක සිසු කණ්ඩායම එතැනින් පලවා හැරීමට සිංහල සිසුන් ක්‍රියා කර ඇත. එහෙත් විනාඩි කිහිපයක් තුල එහි පැමිණි හෙල්මට් පැළදි පොලු මුගුරු අතින් ගත් විශ්ව විද්‍යාලයෙන් පිටස්තර මැරවර කණ්ඩායමක් සිංහල සිසුන්ට තිරස්චීන ප්‍රහාරයක් එල්ල කර ඇත (වීඩියෝ පටවල මේ පිරිස පැහැදිලිව දැක ගත හැකිය). සිසුන් තුවාල වුයේ මැර ප්‍රහාරයට ලක්වීමෙනි. පසුව පොලිසිය පැමිණ සිසුන් බේරා ගෙන ඇත.

සඳුදා විද්‍යා පීඨ සිංහල සිසුන්ට පහර දෙන බව පිරිසක් තර්ජනය කිරීම නිසා පොලිස් ආරක්ෂාව සහිතව බස් රථ 4 කින් එම සිසුන් ඊයේ සවසම යාපන අර්ධද්වීපයෙන් පිටමන් කර නිවෙස් බලා ඒවා ඇත.

මේ ගැන මාධ්‍ය සාකච්චාවක් පවත්වා කරුණු හෙළි කිරීමට මුලින් සිංහල සිසුන් අදහස් කර සිටිය ද එහි පෙනී සිටින අයට ඉදිරි විභාග වලින් නියත අසමත් කිරීමක් යාපන විශ්ව විද්‍යාල ආචාර්යවරු ලබා දෙන නිසා එම අදහස අත්හැර දැමු බව සිසුහු මා සමග පැවසූහ.

 

Related posts

“සියලුම ජාතිවාදී ගැටුම් මෙහෙයවන්නේ ගෝඨාභයයි.. බොදුබල සේනාවත් ඔහුගේ“ – එස්.බී

colombotoday

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ සභාපති වෙන්න ගිය දර්ශනට වෙඩි

Admin

දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී

colombotoday

වැරදි කරන බස් රථ අල්ලන්න මගීන්ට අවස්ථාවක්

colombotoday

“ලංකාවේ ක්‍රිකට් විනාශ කරා.. අවුල් ජාලයක් කරා…” – මුරලිගෙන් දේශපාලකයන්ට ප්‍රබල චෝදනාවක්

colombotoday

දුමින්ද ඉවතට – ශ්‍රීලනිප මහ ලේකම් එස්.බී. !

colombotoday