එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භික්ෂූන්ට නාමයෝජනා ලබා නොදී සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම පක්ෂයට සහය දක්වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට මෙවර නාමයෝජනා නොලැබෙනු ඇති.
පසුගිය මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස උන්වහන්සේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර පසුව උන්වහන්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිය සහාය පළ කළා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර භික්ෂූන්වහන්සේලාට නාමයෝජනා නොදී සිටීමට තීරණය කර ඇති බැවින් උන්වහන්සේ ඉදිරියේ දී ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ මෙතෙක් සිය අදහස් ප්‍රකාශ කර නැහැ.