පල්ලම කළුකැලේ ප්රදේශයේ නිවසක දී තරුණයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී සිය පියා ඝාතනය කර තිබේ.
දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුත්රයා විසින් පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබූ තැනැත්තා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා 39 හැවිරිදි අයෙකු වන අතර සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්රයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.