Colombo Today Local News

මනෝ තිත්තවැල්ල අත්අඩංගුවට ගන්න

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවට අත්සන් කිරීමට එහි සිටි ශ්‍රී ලංකා තානාපතිවරයාට බලපෑම් කළ බවට හෙළිව ඇති සංහිඳිය කාර්යාලයේ අධ්‍යක්ෂ මනෝ තිත්තවැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් තීරණය කර ඇත.

විදේශ ඇමැතිවරයා ලෙස මංගල සමරවීර මානව හිමිකම් කොමිසමේ තිහයි එක යෝජනාවට එකඟ නොවූයේ නම් මෙරටට කිසිදු චෝදනාවක් නැතියි එ.ජ.නි.ස. මන්ත්‍රී එස්.බි. දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ඉල්ලීම පිළිබඳ අදහස් දක්වමින් පැවැසීය. මෙම යෝජනාව අවුරුදු දෙකකින් නැවත සලකා බැලීමට නියමිත බවත් ඒ සඳහා යෝජනාවට අත්සන් කරන ලෙස මෙරට තානාපතිවරයාට නියෝග කර ඇත්තේ මනෝ තිත්තවැල්ල බවත් ඔහු කීවේය. ඔහු සංහිඳියා කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන අතර මුදල් ඇමැති මංගල සමරවීරගේ උපදේශකයකු ලෙස කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. මංගල සමරවීර හා අගමැතිවරයාගේ උපදෙස් මත මනෝ තිත්තවැල්ල විසින් තානාපතිවරයාට මෙය අත්සන් කරන ලෙස උපදෙස් දී ඇතැයිද පැවැසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් තමන් ඉල්ලා සිටින්නේ වහාම තානාපතිවරයා ලංකාවට කැඳවා ඔහු සේවයෙන් ඉවත් කොට දඬුවම් දෙන ලෙස යැයිද කීය. එසේම මනෝ තිත්තවැල්ල ද අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලන බවද හෙතෙම සඳහන් කළේය.

බොරැල්‍ලේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව කීවේය.

Related posts

ආරක්ෂක ලේකම්ගේ නිළ නිවසේ රාජිත පදිංචි වෙයි.. ආරක්ෂක ලේකම්ට යනඑන මං නැතිවෙයි!

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් දිවයිනට

colombotoday

“ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වෙනවා”

colombotoday

දක්ෂ, කාර්යශූර මට නිකරුණේ මඩ ගහනවා… ජනපතිත් වගකිව යුතුයි… දේශපාලනයෙන් ඉවත්වෙන්න හිතෙනවා…

colombotoday

සුබ කාලයක් ගැන දිගම්බරම් කියයි

Admin

හිටපු ඇමති චන්ද්‍රසිරි ගජධීර සමුගනියි !

colombotoday