Colombo Today Local News

භූගත බංකර ඉදිකිරීමේ සැළසුමක්…. ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ තවත් පුහුණු කදවුරක් සොයාගනී…

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් විසින් පුහුණු කඳවුරක් පවත්වාගෙන යාමට සැලසුම් කල ස්ථානයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වී තිබෙනවා. වාලච්චේන රිදීතැන්න ඔමිනියාමඩු ප්‍රදේශයෙන් මෙම ස්ථානය සොයාගෙන ඇති අතර එහි තිබී ජෙලට්නයිට් කූරු 236 ක් සහ ඇසිඩ් පිරවූ බූලියක් ද සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ඉඩමේ හිමිකරු බව කියන පුද්ගලයාද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ මෙහි භූගත බංකර ඉදිකිරීමට ද සැලසුම්කර තිබුනු බවයි. කෙසේ වෙතත් මේ වන විටත් එහි ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන අතර තවත් ඉදිකිරීම් සඳහා අමුද්‍රව්‍ය රුගෙනවිත් තිබුණු බවද වාර්තාකරු සඳහන් කළා.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් විසින් පවත්වාගෙන ගිය පුහුණු කඳවුරු දෙකක් මීට පෙර ආරක්ෂක විසින් සොයා ගනු ලැබුවා. ඒ එකාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයෙන් සහ නුවරඑළිය බ්ලැක්ෆූල් ප්‍රදේශයෙන්.

Source – නෙත්ගොසිප්

Related posts

කුඩු තිලාන්ට මරණීය දණ්ඩනය නියම කරයි

colombotoday

අප්‍රිකානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් පැනවූ තහනම ඉවත් කරයි

colombotoday

ගෝඨා පැරැද්දවීම අපට සුළු දෙයක්…

colombotoday

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

colombotoday

විදුලිබල මණ්ඩලේ වැටුප් එක්කම ලයිට් බිලත් ඉහළට

colombotoday

රාජපක්ෂලා එක්ක ඩීල් දමන්නේ කවුද කියා හෙළි වුණා

colombotoday