බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීම සදහා ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමතිවරු තිදෙනෙකු ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවීමට නියමිත බව වාර්තා වේ.
ඉන් දෙදෙනෙකු දැනටත් කැබිනට් අමාත්‍යවරුන් වන අතර, ඔවුන්ගෙන් ලබා ගන්නා ප්‍රකාශ අනුව බැදුම්කර වංචාව පිළිබදව අදාළ පරීක්ෂණ ඉදිරියට ගෙනයෑම සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවද පැවසේ.