Colombo Today Local News

ඉන්ටපෝල් වරෙන්තුවකින් වැඩක් නැතිවෙයි.. අර්ජුන් මහෙන්ද්‍රන් මෙරටට ගෙන්වන සූත්තරේ මෙන්න

මහබැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිත අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසියේ වරෙන්තුවක් නිකුත් කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බව ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසයි.

රතු නිවේදන පිට රතු නිවේදන යැවුවද සිංගප්පූරුව වැනි රටකින් එරට පුරවැසියකු කොටු කර ගැනීම ඉතා අසීරු කටයුත්තක් බව ද ගත වූ ඉතිහාසයේ සිංගප්පූරු පුරවැසියකු එසේ භාරදුන් එකදු අවස්ථාවක්වත් වාර්තා වී නොමැති බව ද ඔහු පැවැසුවේය.

එබැවින් ඉදිරි දෙසතියේදී ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර උදර්පන ගිවිසුමක් අත්සන් තබන්නේ නම් ඒ හරහා ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට මගක් පෑදෙනු ඇති බවද ඒ මහතා පවසයි.

මේ සඳහා අන්තර් ජාතික පොලිසියට වරෙන්තු ලබා දුන්නද ඒ සම්බන්ධව ඔවුන් එතරම් උනන්දුවක් නොදක්වන බවත් අන්තර්ජාතික පොලිසිය තබා මහේන්ද්‍රන් කොටුකර ගැනීමට මැතිවරණයට පෙර දැඩි උනන්දුවක් දැක්වූ ආණ්ඩුවටද මේ සම්බන්ධව මේ වන විට කිසිදු උනන්දුවක් නොමැති බවත් ඒ මහතා පැවැසුවේය.

අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිමය ක්‍රියාමාර්ගවලින් නොහැකි නම් පොදු රාජ්‍ය මණ්ඩලීය සබඳතා මාර්ගයෙන් හෝ ඔහුව ගෙන්වා ගැනීමට විදෙස් කටයුතු අමාත්‍යාංශය උනන්දු විය යුතු බවත් ඔහු පැවැසුවේය.

Related posts

ප්‍රමුඛතා අනුපිළිවෙලට බස්නාහිර පළාතේ රෝහල් 6කදී එන්නත්කරණය අදින් ඇරඹේ

colombotoday

ජනපති අද ජගත් සමුළුව අමතයි… ලොව හොල්ලන යෝජනාව සූදානම් !

colombotoday

චීන නැව හම්බන්තොටට වේගවත් ගමනක.. – ශ්‍රී ලංකා මුහුදේ විද්‍යාත්මක පර්යේෂණ තහනම්

colombotoday

යුද විජයග්‍රහණය සමරන්න ආණ්ඩුව මේ තරම් බය ඇයි ?

colombotoday

5 දෙනෙකුට මරු කැඳවු බිහිසුණු අනතුර

colombotoday

පාස්කු වින්දිතයින්ට හිටපු ජනපති මෛත්‍රී වන්දි ගෙවයි

Admin