රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් දින 10කට පසුත් රෝග ලක්ෂණ පෙන්වීම, දැඩි උණ හා කැස්ස නිසා ඉරිදා පස්වරුවේ ඔහු රෝහල් ගත කෙරුණි.
බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව වාර්තා වීමත් සමඟ ලෝක නායකයෝ රැසක් ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළහ.
බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් අග්‍රාමාත්‍ය ධුරයේ වගකීම් බාරගෙන කටයුතු කරයි .