Colombo Today Local News

බස් මගීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න BAD BUS

මගී ප්‍රවාහනය සම්බන්ධ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා “BAD BUS” නමින් ජංගම දුරකථන යෙදවුමක් එළි දැක්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතුකර තිබේ.

ඒ පිළිබඳව වූ සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11)දින එම අමාත්‍යාංශයේදී පැවැත් විණි.

ලංගම හා පෞද්ගලික බස් රථ, මෝටර් රථ දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ ස්ථාන වලදී ජනතාවට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳ පැමිණිලි කිරීම සඳහා BAD BUS නමින් මෙම ජංගම දුරකථන යෙදවුම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය විසින් එළි දක්වා තිබේ.

මගීන්ට පමණක් නොව බස් රථ හිමියන්ටද තමන් මුහුණ දෙන ගැටලු මේ හරහා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත.

Related posts

ෆෙඩරල් ගැන දෙමළ ජනමතය දැනගන්න සම්බන්ධන් උ/නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි

colombotoday

මෙරට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය

colombotoday

තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි

Admin

සාජාවලත් කරන්නේ ආදාහනයයි. අපිට බලපෑම් කරන්න එ.ජා. මානව හිමිකම් කොමිසමට අයිතියක් නෑ. | මාගල්කන්දේ සුදත්ත හිමි

colombotoday

(Video)භික්ෂූන් වහන්සේලාට ක්‍රියාත්මක වන නීතිය එජාප නායකයාට, එජාප පාක්ෂිකයන්ට අදාළ නැද්ද?

colombotoday

අනවසරෙන් විදුලි රැහැනක් අදින්න ගිය අයෙක් විදුලිය වැදී මරුට

colombotoday