Colombo Today Local News

පොලිස් කොස්තාපල්වරයෙකු ගෙළ වැළලා ගනී

මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු පොලිස් ස්ථානය අසල ගසක ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ.

අද (16)දින අළුයම මිය ගොස් සිටි මෙම කොස්තාපල්වරයාගේ සිරුර සොයා ගෙන තිබුණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් චානක උදයංග මහතා සහ හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික විමර්ශන කටයුතු සිදු කර තිබේ.

අනතුරුව මිය ගිය අයගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් පරීක්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇත.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

Sex වලින් 1st හෝමාගම !!

colombotoday

දමිතා අබේරත්නත් බරපතල වංචා විමර්ශන කොමිසමට

colombotoday

ඉන්දියානු ඉල්ලීමට හිස නැවෙයි.. තමිල්නාඩු මාලු හොරු 73ක් නිදහස් කරයි !

colombotoday

ඇලෝසියස්ගෙන් සල්ලි ගත් බව ඔප්පුකළොත් ඉල්ලා අස්වෙනවා – වියන්ගොඩ

colombotoday

නාගානන්ද කොඩිතුවක්කු ටැක්ටරයේ ගොස් බැලුමේ එල්ලෙයි

colombotoday

ජාතික ආරක්ෂාව කමිටුවෙන් සරත් ෆොන්සේකා ඉවත් වෙයි

Admin