Colombo Today Local News

පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් සොයා කැණීම් කළ පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවේ

මොනරාගල දිස්ත්‍රික් පුරා වස්තු විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ අරඹෙකෙම ප්‍රදේශයේ දී ඊයේ (31)දින දහවල් සිදුකළ වැටලීමකදී නිධන් සොයා කැණීම් කල පුද්ගලයන් අට දෙනෙකු උපකරණ තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් විසින් අරඹෙකෙම විහාරස්ථානය ඉදිරිපිට පුරාවිද්‍යා රක්ෂිතයේ පොකුණක් ආශ්‍රිතව ඇඳිරි නීතිය අවස්ථාවේ දී මෙම කැණීම් සිදුකර ඇති අතර පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 50-60 අතර වයස්වල පසුවන කලුතර, පානදුර, තිස්සමහාරාමය සහ පන්නෙගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.

ඔවුන් සන්තකයේ තිබී කැණීම් සඳහා යොදාගත් ඩෙටනේටර් නවයක්, වෙඩි බෙහෙත්, ගල් විඳින උපකරණයක්, සවල්, අලවංගු ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් විසින් කැණීම් සිදුකළ ස්ථානයේ විශාල වලක් හාරා පොකුණ විනාශ කරමින් කැණීම් සිදුකර ඇති බව පොලිසිය පැවසීය.

සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා තණමල්විල පොලීසිය වෙත භාර දී ඇති අතර එම සැකකරුවන් අද (1)දා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

කෝටි දෙකක කොකේන් සමඟ සංචාරකයෙක් රේගුවට මාට්ටූ

Admin

ආණ්ඩුවේ සංස්කෘතික සංදර්ශනය වෙනුවට මහින්දගෙන් රණවිරු විජයග්‍රහණ සැමරුමක්

colombotoday

වර්ග කිලෝමීටර් 26 ක් පුරා විහිදී ඇති යකඩ නිධියක් බුත්තලින් සොයා ගැනේ

colombotoday

(Video) පත්තිනි දේවියට ඇද යහපාලනය ගෙනා මධූෂා ජන සටනේ !

colombotoday

මට ඇත්තේ උදාගම් 20.000ක් හදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි…

colombotoday

බිත්තර ලොරියක් පෙරළෙයි – දෙදෙනෙක් රෝහලේ

Admin