Colombo Today Local NewsUncategorized

පාසල් විෂයමාළාවෙන් “ආගම” ඉවතට ? “සර්වාගමික සංහිඳියා” විෂයක් ගෙනඒමේ සූදානමක්

පාසල් විෂයමාළාවෙන් “ආගම” විෂය ඉවත් කිරීමේ සූදානමක් පවතින බව ColomboToday.com වෙත වාර්තා වනවා. ඒ සදහා මේ වනවිට විශේෂ පනතක් කෙටුම්පත් කරමින් පවතින බවත් මේ සදහා බටහිර රටවල් කිහිපයකින්ම උපදෙස් ලැබී ඇති බවත් සදහන් වනවා.

එම ආරංචි මාර්ග තව දුරටත් පවසන්නේ ආගම විෂය වෙනුවට සියළු ආගම් සහ සංස්කෘතින් පිළිබදව අවබෝධය ලබාදෙන එක් තනි විෂයක් පාසැල් විෂය මාළාවට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූල්‍යාධාරයෙන් ක්‍රියාත්මක වන “ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලයේ” වැඩ ආරම්භ කරමින් එහි සභාපතිනිය ලෙස කටයුතු කරන චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියද මේ පිළිබදව යම් ඉගියක් කර තිබුණා. පෙරේදා (01) එහි කැදවූ මාධ්‍ය හමුවකදී ඇය ප්‍රකාශ කළේ

“ත්‍රෛභාෂා අධ්‍යාපන ප්‍රතිපත්තිය ඇති කිරීම, සිංහල, දෙමළ, මුස්ලිම් ආගමික හා සංස්කෘතික උත්සව දෙක බැගින් තෝරාගෙන පාසැල්වල සැමරැම් උත්සව පැවැත්වීම, පාසල් පෙළ පොත්වල ඇති ජාතික සංහිදියාවට හානි වන ආකාරයේ දේවල් ඉවත්කිරීම, සාමය හා සංහිඳියාව පිළිබඳව වන විෂයක් පාසල් විෂය ධාරාවට ඇතුළත් කිරීම” ආදී ජාතික සහජීවනය පදනම්කරගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග තම කාර්යාලය සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

සිංහල සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් ColomboToday සමග අදහස් දක්වමින් පැවසුවේ “දශක ගණනාවක සිට ක්‍රියාත්මක වෙමින් පවතින සිංහල බෞද්ධ සංස්කෘතික පදනම මෙරටින් අතුගා දැමීමේ කුමන්ත්‍රණය වත්මන් රජයට යටතේ වඩාත් සැළසුම් සහගතව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. වසර දහස් ගණනක් තිස්සේ මේ රට ගොඩනැගුණේ සිංහල බෞද්ධ සංස්කෘතික පදනම මතයි. දහම් පාසල් අධ්‍යාපනය අකර්මන්‍ය කර රජයත් ඒ ගැන නොසළකාහැර තිබෙන පසුබිමක “ආගම” විෂය පාසැල් පෙළ පොතෙන් ඉවත් කිරීමෙන් විශේෂයෙන් බෞද්ධ දරුවන්ට මරු පහරක් වැදෙන අතර ඒතුළින් සිංහල බෞද්ධ පදනම අනාගත පරපුරෙනුත් මේ රටෙනුත් අතුගෑවී යනු ඇති බවත්, එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඉතිහාසයක් නොදන්නා, සංස්කෘතියක් නැති මේ රට, ජාතිය, ආගම ගැන හැගීමක් නැති කල්ලතෝනින් පිරිසක් බිහිවීම බවත් ඔවුන් අවධාරණය කරනවා.

සිංහල දෙමළ මුස්ලිම් දේශපාලකයන් විසින් දේශාපලන අවස්ථාවදය මුල් කරගෙන කලින් කලට ඇතිකරන ගැටළු මිසක මේ රටේ සිංහල ජාතිකයන් හා දෙමළ, මුස්ලිම් ජනවර්ග අතර කිසිදු ගැටළුවක් නොමැති බවත්, විශේෂයෙන් බහුතරයක් සිංහලයන් ‍වාසය කරන ප්‍රදේශවල දමිළ සහ මුස්ලිම් ජනතාව කිසිදු ගැටළුවකින් තොරව නිරුපද්‍රිතව සහජීවනයෙන් ජීවත් වීමට ඉඩ ලැබී ති‍බීමෙන් එය ආදර්ශයෙන්ම පෙන්වා ඇති බවත් එබැවින් බටහිර රටවල සුද්දන් හෝ චන්ද්‍රිකා කුමාරණතුංග වැනි ඔවුන්ගේ කීකරු සේවිකාවන් මේ රටේ ජනතාවට සහජීවනය ගැන අමුතුවෙන් පාඩම් උගැන්වීමට අවශ්‍ය නැති බවත් ඔවුන් අවධාරණය කරනවා.

එබැවින් ජාතික සංහිදියාව යැයි කියමින් කිසිදු රටක නොකරන ආකාරයේ විකාර ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙන සහජීවනයත් නැති කිරීමට විදේශීය රාජ්‍ය නොවන සංවිධානවලට හා ඔවුන්ට ‍සේවය කරන තැනැත්තන්ට සහ තැනැත්තියන්ට ඉඩ නොදිය යුතු බවත්, පාසල් පෙළ පොතෙන් ආගම ඉවත් කිරීමට රජය ගන්නා උත්සාහය වැළැක්වීමට ජනතාව පෙරට පැමිණිය යුතු බවත් එම සංවිධාන ක්‍රියාකාරීන් වැඩි දුරටත් අවධාරණය කර සිටිනවා.

Related posts

රට තුළ ඉන්ධන හිගයක් අතළගයි.. ඇනවුම් කළ නැව ඇවිත් නෑ.. සංස්ථාවේ තෙල් ඉවරයි

colombotoday

බස්නාහිර පළාත් සභාවේ අයවැය අතරතුර මන්ත්‍රීවරු අසභ්‍ය දර්ශන නැරඹූ හැටි මෙන්න [Video]

colombotoday

ජන සටනට කැම්බල් පිටිය ලැබෙයි – පොලිසියෙන් හිටපු ජනපතිට අවසර පත්‍රය නිවසට ගෙනවිත් බාර දෙයි

colombotoday

නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති

colombotoday

සරසවි යළි ඇරඹීමට තීරණයක්

colombotoday

රනිල් සහ රතන හිමි පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි.. මන්ත්‍රීධූර බලරහිත කරන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක්

colombotoday