Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීතිවිරෝධීයි… අපි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා – ජවිපෙ කිපේ

පසුගිය 26වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සදාචාර විරෝධී ලෙස නව අගමැතිවරයෙකු පත් කළ අවස්තාවේ සිට අද (09) දින ව්‍යවස්ථා විරෝධී ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දක්වා ගනු ලැබූ ක්‍රියාමාර්ග නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාමාර්ග බැවින් ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම, කැබිනට් මණ්ඩල පත් කිරීම, පාර්ලිමේන්තුව කල් තැබීම ආදිය ඇතුළු පසුගිය 26වනදා සිට මෙ වනතුරුත් ගනු ලබමින් සිටින සියළු ක්‍රියාමාර්ග සම්ප්‍රදාය, සදාචාර්ය, ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ඊට එරෙහි ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් රට දැනුවත් කරන බවත් සඳහන් කළ අතර ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළු ජනතාවට ජවිපෙ ගනු ලබන ක්‍රියාමාර්ග වටා එක් රොක් වෙන ලෙසද ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයා  මෙම අදහස්  පලකළේ  ඊයේ  රාත්‍රි යේ  ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත්    තීරණය සම්බන්ධයෙන්  ලංකා ටෘෘත් වෙබ් අඩවිය සමග අදහස් දක්වමිනි.

Related posts

උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැරේ

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

මැකෝගේ අම්බලන්ගොඩ නිවසට හොරු පනිති

colombotoday

බදියුදීන්ව අත්අඩංගුවේ තියා ගන්න හේතුව කථානායක විමසයි

colombotoday

Video: බැඳුම්කර හොරකම රවී මත පටවා ඇගහෝදගන්න මේ ආණ්ඩුව සැරසෙනවා – විමල් විරවංශ

colombotoday

ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරයි

Admin