Colombo Today Local News

පාකිස්තානූ තානාපති කාර්යාලයට සම්බන්ද තිදෙනෙක් මාතරදී පොලීසියට තග දමති.

ඇදිරි නීතිය ක්‍රියාත්මක කර තිබු අද (25)සවස මාතර වෙරල පාරට හදීසියේ පැමිණී පාකිස්තානූ ජාතිකයින් පිරිසක් පරික්ෂා කිරීමට යාමේ දී ඔවුන් ඊට විරෝධය පල කරමින් පොලීසිය සමග උණුසුම් තත්වයක් ඇති කර ගත්තේය.
 
රතු පැහති අංක තහඩු සහිතව මෝටර් රථයකින් පැමිණී ඔවූන්ගේ අනන්‍යතාවය හෙළි කර ගැනීමට පොලීසිය පළමුව උත්සාහ කළ අතර ඊට එහි සිටි පාකිස්තානු ජාතිකයින් තිදෙනා විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි.
 
ඒ අනුව අතිරේක පොලිස් කණ්ඩායමක් ද එම ස්ථානයට කැදවා තිබුණේය.
තමන් පාකිස්තානු තානාපති කාර්යාලයේ පිරිසක් බවට රාජ්‍ය තාන්ත්‍රික සබදතා මත පැමිණී බවට ද ඔවුන් ප්‍රකාශ කර සිටියේය.

දැඩි ලෙස කලබලකාරීව හැසිරුණු ඔවුන් සිය මෝටර් රථය පිටුපසට ගැනීමේ දී රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකුට අයත් යතුරු පැදියක ද හැපී බිම පෙරලී තිබුණි.
 
එම සිද්ධියෙන් පොලිස් යතුරුපැදියට හානි සිදු නොවු බව එහි සිටි පොලිස් නිලධාරියෙකු පැවසීය.
 
ඉන් අනතුරුව පාකිස්තානු ජාතීකයින් පිරිස පොලීසිය ඉදිරියේ සිගරට් දල්වා පානය කර තිබුණේය.
 
ඒ සමගම මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංග හා රථ වාහන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් යන මහත්වරු පැමිණ පාකිස්තානු ජාතිකයින් සමග ඉංග්‍රීසි භාෂාවෙන් කතා බහ කලේය.
 
පසුව වෙනත් මෝටර් රථයකින් පැමිණී පුද්ගලයෙකු අදාල පාකිස්තානු ජාතිකයින් තිදෙනාගේ අනන්‍යතාවය හා වලංගු රියදුරු හැදුනුම්පත ඉදිරිපත් කර ඔවුන් එම ස්ථානයෙන් කැදවා ගෙන ගියේය.
 
මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද අදාල පාකිස්තානු ජාතිකයින් වීඩියෝ නොකරන ලෙසට බලපෑම් කර තිබුණි.
 
කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය මට්ටමින් පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවට අදාල පාකිස්තානු ජාතිකයින් දැනුම් දී තිබුණේය.

මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවීය

Related posts

මොබිටෙල් මූලස්ථානය වසා දමයි

colombotoday

ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවතට, පූජක ලොක්කා ළගදීම ලංකාවට

colombotoday

ලග්ගල පොලිසියේ තිබූ T56 අවියක් සහ රිවෝල්වර 5 ක් සොරාගනී

colombotoday

අධිකරණය නීතිඥ සංගමය යටතට – නීතිය මිනී කාක්කන්ට වෙන්දේසිවන ලකුණු

colombotoday

2015 දී පොළොන්නරුවේ අය අරක්කු බව්සර් 160ක් බීලා. ජාතික ධනය මත්රකුසා ගිලින හැටි මෙන්න

colombotoday

ගල් අඟුරු නිධි පවතින රටවල් ගල් අඟුරු බලාගාර වසා දමන පසුබිමක ලංකාව සාම්පූර් බලාගාරය පණගන්වන්නේ ඇයි?

colombotoday