Colombo Today Local NewsUncategorized

“ප්‍රංශ ප්‍රහාරය මුස්ලිම් විරෝධයක් ගොඩනැගීම සදහා කළ කුමන්ත්‍රණයක්” ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනය කරයි

පසුගිය දා ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුස්ලිම් විරෝධී ලෝක ජනමතයක් ගොඩ නැගීම සදහා ගත් උත්සාහයක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ප්‍රකාශ කරයි. ප්‍රංශ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ එම ප්‍ර්‍රහාරය ලෝකයේ විවිධ රටවල ජීවත් වන මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සදහා අවස්ථාවක් සලසා ගැනීමට සිදු කළ එකක් විය හැකි බවයි.

ප්‍රංශයේ සිදු වූ ප්‍රහාරය මැද පෙරදිග අහිංසක මුස්ලිම් ජනතාවගෙන් පළි ගැනීමට උසී ගන්වන ක්‍රියාවක් හා යුරෝපයට පැමිණෙන මුස්ලිම් සරණාගතයන් වැළැක්වීමේ අරමුණින් සිදුකළ ක්‍රියාවක් විය හැකි බවද ඔවුන් පවසයි. මෙම සිදුවීමේදී ජාත්‍යන්ත ප්‍රජාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද ඔවුන් පවසයි.

කෙසේ නමුත් යුද්ධයක් පවතින කාලයක පවා මිනිසුන් ඝාතනය කිරීම ඉස්ලාම් ආගම අනුමත නොකරන බවත්, ඉස්ලාම් ආගමේ නමින් ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම සුදුසු නැති බවත් එම නිසා තමන් අයි.එස්.සංවිධානයේ ක්‍රියාවන් හෙළා දකින බවත් මෙරට මුස්ලිම් ජනතාවත් තමන් සමග එකතු වන බවත් එම කවුන්සිලය  පවසයි.

එවැනි ත්‍රස්ත ක්‍රියාවන් ඉස්ලාම් ජාතියේ මෙන්ම වෙනත් ශිෂ්ඨසම්පන්න සමාජයක දැකගත නොහැකි බවයි ඔවුන් පවසන්නේ. ලෝකයම එක්වී අයි.එස් සංවිධානයට බැට දිය යුතු බවද ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය එම නිවේදනයෙන් අවධාරණය කර සිටී.

 

Related posts

කොවිඩ් මෘත දේහ භූමදානයට ඉරණතිව් දූපතේ හැරූ වළවල් දූපත් වැසියෝ වසා දමති

colombotoday

බිලියන10ක් ඡන්දෙට සල්ලි නැති ආණ්ඩුව රට කෑම ගේන්න බිලියන 230ක් වැය කරලා

Admin

ඊසි කෑෂ් මගින් සැකකරුවන්ගේ මුදල් ගත් නියාමකගේ වැඩ තහනම්.

colombotoday

සිවිල් කටයුතු, රැස්වීම්වලට හමුදාව සහභාගීවීම වළක්වන යෝජනාවක් උතුරු සභාව සම්මත කරගනී

colombotoday

ඉන්ධන මෙට්‍රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනයට පියවර.

colombotoday

එළ ගවයන් 21ක් මස්කල දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday