Colombo Today Local News

නාවික හමුදාව සංගීතය සපයද්දී යලි නැගිටින්න ප්‍රාර්ථනයක්

නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ පවතින ඇඳරි නීති වාතාවරණය මත මහල් නිවාසයන්හි ජීවත් වන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 19 වන දින කොට්ටාව සහ පනාගොඩ ප්‍රදේශයේ මහල් නිවාස කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.

රජය විසින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක තුල මහල් නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් හා මග පෙන්වීම මත කොළඹ ප්‍රදේශයේ පවතින ඇඳිරි නීති වතාවරණය හේතුවෙන් මහල් නිවාසවල ජීවත් වන ජනතාවගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා නාවික හමුදාව විසින් සංගීත වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරමින් සිටින අතර, එලෙස ක්‍රියාත්මක කරන ලද තවත් එක් සංගීත වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 19 වන දින කොට්ටාව Luxe Highway සහ පනාගොඩ Green Valley යන මහල් නිවාස සංකීර්ණයන් කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

එම මහල් නිවාස සංකීර්ණයේ වැසියන් හට ඉහල රසාස්වාදයක් ලබා දීමට මෙම සංගීත වැඩසටහන මගින් කටයුතු කරන ලද අතර, වෛරසයෙන් වැලකී සිටීම සඳහා පිළිපැදිය යුතු වෛද්‍ය උපදෙස් පිළිබඳවද තවදුරටත් එම ජනතාව දැනුවත් කිරීම මෙහිදී සිදු කරන ලදි.

Related posts

යහපාලනය සමග දුරාචාරයේ ගිය ඇතැම් විනිසුරන්ගේ, පොලිස් ලොක්කන්ගේ ඇදිවත රන්ජන් උනා දැමුවා…. දුමින්ද සිල්වාගේ නඩු තීන්දුවත් දේශපාලන බලපෑමට ලබාදුන් බව තහවුරුයි !

colombotoday

ශිෂ්‍යත්වය අහෝසි කරනවාට ගුරු සංගම් හරහට හිටී…

colombotoday

රජයේ එන්නත් කරණවැඩපිළිවෙලෙන් විපක්ෂය දේශපාලනය කරයි. – අවශ්‍යතාවය මුලින්ම කිවේ සජිත් යැයි මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරය කරති.

colombotoday

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

උතුරු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙක් පැහැරගන

colombotoday

උ/නැගෙනහිර එක්කරනු.. ෆෙඩරල් දෙනු – විග්නේෂ්වරන් පරණ තැටියම වයයි

colombotoday