Colombo Today Local News

නායකත්වය සමග ගැටී කවුරුත් දිනුවේ නෑ – රනිල් එජාප පොඩ්ඩන්ට කියයි

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකත්වය භාරගෙන මහ මැතිවරණය මෙහෙයවන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරියට මෙම සතියේදී ආරාධනා කිරීමට සූදානම් වෙයි. මහා සංඝරත්නය සහ පක්ෂයේ නිලධාරී මණ්ඩලය කළ ඉල්ලීම මත පක්ෂ නායකත්වය මෙම ආරාධනාව සිදුකරන බව වාර්තා වේ.

මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් අනූහය දෙනාගේ නිල කාලය අවසන් බැවින් මහ මැතිවරණයෙන් පසු නව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව ඇත.

කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ නිල කාලය පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් විය. පක්ෂයේ තීන්දු තීරණ ගැනීම නිලධාරී මණ්ඩලය විසින් සිදු කිරීමටත් පක්ෂ නායකත්වය තීරණය කර ඇත.

මහ මැතිවරණය කැඳවූ පසු නාම යෝජනා මණ්ඩල පිහිටුවා අපේක්ෂකයන් තෝරා ගැනීමටත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනත් පක්ෂයක් බිහි කිරීමට උත්සාහ කිරීම අවශ්‍ය නොවන කරුණක් බවත්, කරු ජයසූරිය මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එක්ව මහ මැතිවරණය මෙහෙය විය යුතු බව පක්ෂ නායකත්වයේ අදහස වී ඇත.

පක්ෂ ව්‍යවස්ථාව අනුව නායකත්වය පිළිබඳ ගැටලුවක් තමන්ට නොමැති බවත්, මීට පෙරද පක්ෂ නායකත්වය සමග ගැටුණු සාමාජිකයන්ට අත් වූ ඉරණම සජිත් පාර්ශ්වය නොදන්නා බවද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට පෙන්වා දී තිබේ. ජේ.ආර්. ජයවර්ධන සමග රුක්මන් සේනානායකද, ආර්. ප්‍රේමදාස සමග ලලිත් – ගාමිණී ගැටුණත් පක්ෂ නායකත්වය ආරක්ෂා වූ බව රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත.

Related posts

ස්විස් තානාපති ‌‌සේවිකාව දෙවන දිනයටත් කටඋත්තර දෙන්න එයි

colombotoday

20 ගැන පාර්ලිමේන්තු විවාදය 21 සහ 22

colombotoday

“ශ්‍රීලනිපය කැඩුවේ ජනපති මෛත්‍රීයි, එජාපය පරදන්න කොලෙන් හරි මලෙන් හරි අපි එනවා“ – දිලුම් අමුණුගම

colombotoday

ශ්‍රී ලංකන් කොටසක් පුද්ගලිකරණය වී දින දෙකෙන් IMF ඩොලර් බිලියන 1.5ක ණයක් දෙයි

colombotoday

අමල් පෙරේරා පිටුවහල් කරයි… කටුනායකදී CID භාරයට…

colombotoday

ගජමුතු හතරක් සමග දෙදෙනකු අල්ලයි

colombotoday