Colombo Today Local News

දිනක් තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් 389දෙනෙකු අත්අඩංගුවේ

අද (4)දින උදෑසන 05.00න් අවසන් වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධෙයන් බස්නාහිර පළාත තුළ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 389 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි එම වැටලීම් සිදුකළ බව පොලීසිය පවසයි.

කොම්පඤ්ඤවිදිය, ග්‍රෑන්ඩ්පාස්, කැලණිය, මුල්ලේරියාව සහ රාගම යන ප්‍රදේශවලින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

හෙරොයින්, ගංජා, නීති විරෝධි මත්පැන්, ගෝඩා සහ අයිස් යන මත්ද්‍රව්‍ය සමග මෙම සැකකරුවන් අත්අඩංගුවවට ගෙන ඇති බව සඳහන්.

Related posts

එජාපය සමඟ යහන් ගතවී සිටින ගමන් බොරු විරෝධයක් පෙන්වන ව්‍යාජ ප්‍රේමවන්තයන්ට රැවටෙන්න එපා

colombotoday

පාසල් අධ්‍යාපනයට නොමිලේ බෙදන්න නිකුත් කළ පොත් අලෙවියට තියලා

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට සම්මානයක් !

colombotoday

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්….

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ලංකාවේ සංචාරයකට

colombotoday

50% නැති නිසා රනිල් සජිත්එකතු කිරීමේ උත්සාහයක්

Admin