Colombo Today Local News

දේශීය වෙදකම ප්‍රවර්ධනයට දුන්,අමාත්‍යාංශයේ කැබ් රථයෙන් දඩයමේ ගිහින් | ගිනි අවි හා තියුණු ආයුද සමග තිදෙනෙක් අත්අඩංගුවට

දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින් ගිනි අවි හා තියුණු ආයුද රැගෙන තම්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දඩයමේ යමින් සිටි තිදෙනකු අද (23)දින අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු හා කිරිබත්ගොඩ හා කරුවලගස්වැව පදිංචිකරුවන් තිදෙනෙක් බවයි වනජීවි නිළධාරින් පවසයි.

මෙම සැකකරුවන් දඩයමේ යාමට භාවිතා තිබු කැබ් රථය දේශීය වෛද්‍ය අමාත්‍යංශයට අයත් බවට මේ වන විට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබි බලපත්‍ර සහිත 9 එම් .එම් .පිස්තෝලයක් හා එයට යොදන පතෝරම් 9ක් හා පතොරම් බහාලුම් දෙකක් සමග බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියක් හා පතොරම් 4 ක් හිස්කොපු තුනක් සමග දඩයමට යොදා ගැනුන විදුලි පන්දමක් තියුණු පිහියක්, තිත් මුව ලෝම් ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමානයක් ද අත්අඩංගුවට ගත් බව වනජීවි නිළධාරිහු සඳහන් කරයි.

මේ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි කරුවලගස්වැව පදිංචි සැකකරුගේ නිවසේ තිබි වියළි මස් ග්‍රෑම් 100 කට අධික ප්‍රමානයක් සොයා ගත් බව ද වන ජීවි නිළධාරින් පවසයි.

Related posts

ක්‍රීඩකයන් 9ට නිලධාරීන් 46ක් ඔලිම්පික් ගිහින්.. එහෙම වුණේ කොහොමද? අගමැති අසයි

colombotoday

වෘක්ෂලතා පනත කැඩීයැයි චෝදනා.. අලි පැටියා ළග තබාගත්තාට උඩුවේ හිමිට නීතිපති නඩු දමයි

colombotoday

නව විදුලි බිල සූත්‍රය අනුව මුල් ඒකක 30ට බිල රු. 3000ක්

Admin

Enrique ගේ සංගීත ප්‍රසංගයේ කෝටි 2ක බදු වංචාවක්?

colombotoday

උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ

colombotoday

හම්බන්තොට වරාය හෙට චීනයට.. මත්තල ගැනත් තීරණයක් ගනී !

colombotoday