
දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම අපේ පංසලේ ගෞරවනීය ආරාධනාවෙන් සඳහම් චාරිකාවක් සඳහා කොරියාවට වැඩම කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ, කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයන් උත්කර්ෂවත් අයුරින් පිළිගෙන තිබෙනවා.
දකුණු කොරියාවේ වසර මුලදී යෙදෙන නිවාඩුව නිමිත්තෙන් ධර්මදේශනා මාලාවක් සංවිධානය කිරීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.




