Colombo Today Local News

තෙමහල් නිවසක භූගත බංකරයක්… හිමිකරු කොළඹ ව්‍යාපාරිකයෙක්…

යාපනය නාවන්තුරෙයි ආසාත් මාර්ගය පහේ මන්සන්ධිය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තෙමහල් නිවසක පොළව අභ්‍යන්තරයේ සකසා තිබූ භූගත බංකරයක් බවට සැකකළ හැකි ස්ථානයක් අද (28) සොයා ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ඒකාබද්දව මෙමෙ සෝදිසි මෙහෙයුම දියත් කොට ඇති අතර එහිදී අදාල තෙමහල් නිවසේ සිටි එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නිවස ඇතුළත රහසිගත අන්දමින් මෙම භූගත බංකරය සකසා ඇති අතර එහි දිග මීටර 25 වන අතර උස  අඩි අටක් පමණ සහ පළල අඩි පහක් පමණ වන ලෙස සකසා තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

ආරක්ෂිත දොරක් යොදා මෙම භූගත බංකරය වසා තිබූ අතර එයට ඇතුළුවීම සඳහා පඩිපෙලක්ද සකසා තිබිණි.

මෙය විදුලිය බලය ලබාදී ආරක්ෂිත ලෙස සකස් කර තිබූ අතර භූගත බංකරය සහිත තෙමහල් නිවසෙහි හිමිකරු කොළඹ ප‍්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු බවත් ඔවුන් මේ දිනවල නිවාසයෙන් පිටව ගොස් ඇති බවත්ය.

වසර දෙකකට පමණ ඉහතදී මෙම නිවස භූගත බංකරයක්ද සමඟ ඉදිකර ඇති අතර අදාල භූගත බංකරය ඉදිකිරීම පිළිබඳ පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලිසිය සහ යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය කියා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ශ්‍රී පාදයේ හෝටලය ඉදිකරන සමාගම කොලේ වහලා ගහන ගැහිල්ල

colombotoday

සජිත් ගේ නායකත්වයෙන් නව සන්ධානයකට විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වෙයි

Admin

මහනුවරින් පළමු තැන දිලුම්ට

colombotoday

“අවි ආයුධ හමුවීම සාමාන්‍ය දෙයක්.. ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ” ආරක්ෂක ලේකම්

colombotoday

රටේ ආදායම් උත්පාදනය කිරීමට හැකි එකම ක්‍රමය සමෘද්ධි මුද්දරය ලබා දීම නොවේ. – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ කියයි.

colombotoday

කොළඹ මගී ප්‍රවාහනයට විදුලි බස් රථ 18ක්

colombotoday