Colombo Today Local News

තිළිණ ගමගේට නඩු පැවරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව නිසි පරිදි කටයුතු කර නැහැ

අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධියට අදාළ ව හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව නඩු පැවරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව නිසි පරිදි කටයුතු කර නොමැති බවට දේශපාලන පළිගැනීමේ පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ දී අනාවරණය වී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා ඊයේ (10)දින කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය වු බව දේශපාලන පළිගැනිම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව සඳහන් කළේය.

හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අලි පැටවෙකු ළඟ තබා ගැනිමේ සිද්ධියට අදාළ ව සිදුකර ඇති විමර්ශනවල වාර්තා ඊයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.

එහිදී නිසි විමර්ශනයකින් තොරව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනය සදහා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කර ඇත.

අලි පැටවාගේ හිමිකරු වන චන්ද්‍රරත්න යටවර නමැත්තා සමඟ 2008 වසරේ සිට හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සමග කිසිදු සම්බන්ධයක් පවත්වා නොමැති බවට කොමිසම විසින් සිදුකළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇති අතර සිද්ධියට අදාළ ව ඔහු කිසිදු ආධාර අනුබල දීමක් සිදුකර නොමැති බව ද කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව ව්‍යාජ ලේඛන සකස් කර කොළඹ මහාධිකරණය හමුවේ තිළිණ ගමගේ මහතාට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව පවසන ජනපති කොමිසමේ සභාපතිවරයා ඔවුන් මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුව තිබූ බව සඳහන් කර ඇත.

එමෙන්ම වනජීවි දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ ලිපිගොනුවල ව්‍යාජ ග්‍රාම සේවා සහතිකයක් ඉදිරිපත් කර ඇති බවට සඳහන්ව තිබුණ ද එය සැකකටයුතු ලේඛන පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කිරීමට ද නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බවට ජනාධිපති කොමිසමේ දී අනාවරණය වී තිබේ.

මෙම සිද්ධියේදී නීතිපති දෙපාර්තමේන්තුව බරපතල වරදක් සිදුකර ඇති බවත් තිළිණ ගමගේ හිටපු මහේස්ත්‍රාත්වරයාට එරෙහිව මෙලෙස කටයුතු කිරීම දේශපාලන පළිගැනීමක් විය හැකි බවත් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Related posts

ආර්ථික සංවර්ධනය හා අයෝජන මණ්ඩලයෙන් මාර්ග සංවර්ධනයට කෝටි 43ක් පොලු තියලා

Admin

ජනපති නියෝගයට එරෙහිව NGO කල්ලියෙන් තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

“ලංකාව බෞද්ධ රටක් නොවේ.. මේක සිංහල රටක් කියන එක තරයේ ප්‍රතික්ෂේප කරනවා” – විග්නේෂ්වරන්ගෙන් ඉතිහාසය අලුතෙන් ලියයි

colombotoday

සාගර දේශසීමාවේ ආරක්ෂාව තර කරයි

colombotoday

බීමතින් ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

අලුත් බදු ක්‍රමය IMF උගුලක්.. IMF එකට ඕන විදිහට තීරණ ගන්නවනම් ආණ්ඩුවක් අවශ්‍ය නෑ

colombotoday