Colombo Today Local News

ත්‍රස්ත චෝදනා යටතේ අත්අඩංගුවට ගත් නිසාම්ඩීන් අහිංසකා…යි – ෆයිසර් මුස්තාෆා

ත්‍රස්ත චෝදනා යටතේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ජාතික මොහොමඩ්  නිසාම්ඩීන් අහිංසක පුද්ගලයෙක් බව ඔහුගේ ඥාතියෙක වන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කරයි.

“අපි ඔහුට ආදරෙයි. යමෙක් වරදක් කර තිබෙනවානම් ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. නමුත් පවුලක් ලෙස අපි විශ්වාස කරන්නෙ ඔහු නිර්දෝෂියි කියලයි” යැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

නිසිම්ඩින් මීට දින කිහිපයට පෙර සිඩින් නුවරදී පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු සන්තකයේ තිබී සොයාගත් පොතක සිඩ්නි නුවර ස්ථාන කිහිපයක් සලකුණු කර තිබූ බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

එ හරහා ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්බුල් මෙන්ම හිටපු විදේශ කටයුතු අමාත්‍යනී ජුලියා බෂොප් ඝාතනය කිරීමේ උත්සායහක් තිබූ බවට වන තොරතුරුද හමුවී තිබේ.

25 හැවැරිදි නිසාම්ඩීන් සිඩිනි නුවර විශ්වවිද්‍යාලය උපාධි අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පතව ඇත.

කෙසේ වෙතත් මේ සඳහා රටක් ලෙස ශ්‍රී ලංකාව මැදිහත් නොවන බවත් එය තම පුද්ගලික කරුණක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ABC

Related posts

අද සහ හෙට ඉන්ධන බෙදාහරින පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

ගෝඨා පැරැද්දවීම අපට සුළු දෙයක්…

colombotoday

ජනපති මෛත්‍රී අවසන් වරට ජාතිය අමතයි (LIVE)

colombotoday

ජනපති හමුවෙන්න අවශ්‍ය බව කී පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

හොරට හරක් විකුණා අතේ මාට්ටු.. මාධ්‍ය හමුවේදී පි.හැරිසන්ගේ තොලකට වේලෙයි.. දිව පැටළෙයි (Video)

colombotoday

සුජීවගේ නිවස හදිසි සෝදිසි කිරීමක

Admin