Colombo Today Local News

ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති ගෝඨාභය නිදහස්

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිරිකිරීමේදි රජයේ මුදල් කෝටි 33ක මුදලක් අවභාවිත කළ බවට එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුවෙන් ජනපතිවරයා නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25/1 වගන්තිය අනුව ජනපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධන නඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි වීම හේතුවෙන් ජනපතිවරයා එම නඩුවෙන් නිදහස් කර තිබේ.

ඒ අනුව ජනපතිවරයාට එරෙහිව පවරා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය යළි භාර දෙන ලෙසද අධිකරණය නියෝග කළේය.

මේ පිළිබඳව ඉදිරි කටයුතු සළකා බැලීම සඳහා නඩුව නැවතත් ජනවාරි 9 දා විභාගයට ගැනීමට නියමිතව තිබේ.

Related posts

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ සභාපති වෙන්න ගිය දර්ශනට වෙඩි

Admin

ඇමතිනී තලතා, ඇමති ඩිලාන්ගේ මහාපරිමාණ මූල්‍ය වංචාවක් සාක්ෂි සහිතවම හෙළිකරයි

colombotoday

නාවික හමුදා මෙහෙයුමකින්‍ මහ මුහුදේදී හෙරොයින් සමග විදේශිකයින් 9ක් අත්අඩංගුවට

colombotoday

උඩ වලවේ වෙඩි හුවමාරුවක්

colombotoday

“මේ තරම් බරපතල විදිහට ගහයි කියල අපි හිතුවෙ නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

උතුරු පළාතෙන් සිංහලයන් පන්නා දැමීමේ අති විශේෂ ගැසට් පත්‍රය මෙන්න!

colombotoday