Colombo Today Local News

ඩඩ්ලි සිරිසේනත් ජනාධිපතිවරණයට ?

ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ සූදානමක් ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

පොහොට්ටුව (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සමඟ ශ්‍රී ල.නි.ප.ය සන්ධාන ගතවීමේදි සිරිසේන පවුලේ අයට සාධාරණය ඉටුවිය යුතු යයි සිය සමීපතම දේශපාලන උපදේශකයන් සමඟ ඔහු පවසා ඇතැයි වාර්තා වෙයි.

එසේ නොවන්නේ නම් තමුන්ද ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව හෙතෙම සිය දේශපාලන උපදේශකයන් සමඟ පවසා තිබේ.

එහෙත් මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඩඩ්ලි සිරිසේන මහතාට මෙතෙක් අනුමැතිය හිමි වී නැත.

කලකට පසු පසුගියදා දේශපාලන කරළියට පැමිණි ඩඩ්ලි සිරිසේන මහතා දූෂණ විරෝධී සංවිධානයක් ආරම්භ කළේය.

එසේම මාධ්‍ය සාකච්ඡා තබමින් තමන්ගේ මතවාද රටට හෙළිදරව් කිරීමටද ඉදිරිපත් විය.

– deshaya.lk

Related posts

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කර අවසන්

Admin

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

මහින්ද කහඳගම රිමාන්ඩ්

colombotoday

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට ගිය තරුණිය මරාගෙන මැරෙන ප්‍රහාරයකට දිවුරුම් දීලා

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සිසුන් පාසල්වලට ගැනීම මසකින් කල් යයි

colombotoday

රත්නපුරට බදුල්ලට රතු නිවේදන.. අනාරක්ෂිත ප්‍රදේශවලින් වහා ඉවත් වෙන්න දන්වයි

colombotoday