Colombo Today Local News

විදුලිබල ඇමති සිංගප්පූරු සංචාරයේදී බලශක්ති කළමනාකරණය පිළිබඳ විශේෂ සැසියකට…

අනාගත විදුලිබල ක්ෂේත්‍රය පුනර්ජනනීය ප්‍රභවයන් කෙරෙහි යොමුකිරීමේ නවීන ක්‍රමෝපායන් සහ ඒ සම්බන්ධයෙන් නවීන තාක්ෂණික ඥානය උපයෝගී කරගැනීම පිළිබද අධ්‍යයනය කිරීම සදහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා, බලශක්ති කළමනාකරණය පිළිබඳ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික සැසියකට සහභාගි විය.

මෙම සැසියේදී නිවෙස් සහ වානිජ ගොඩනැගිලිවල බලශක්ති කළමනාකරණය, ස්වයංක්‍රීයකරණය පිළිබඳ ඩිජිටල් තාක්ෂණික ක්‍රමෝපායන් මගින් සිදුකරගන්නා ආකාරය, ඒ සඳහා උපයෝගී කරගන්නා මෘදුකාංග පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වීමක් සිදුවිය. එසේම මධ්‍යස්ථ වොල්ටීයතාව සහ ස්වයංක්‍රීයකරණ පද්ධති තුළින් ඒකාබද්ධ කළහැකි කාර්යක්ෂමතා විසදුම් ලබාගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳවද මෙහිදී දැනුවත් කිරීම් සිදුකර ඇත.

සිංගප්පූරුවේ ස්ථාපිත කර ඇති සුහුරු පරීක්ෂණාගාර තුළ සිදුකෙරුණ මෙම ප්‍රායෝගික සැසියේ ක්‍රියාකාරකම් සදහා සහභාගීවීම තුළින්, ශ්‍රී ලාංකික විදුලිබල ක්ෂේත්‍රය නව්‍යකරණයට අවශ්‍ය දැනුම්  සම්භාරයක් උකහා ගැනීමට හැකිවූ බවත්, බලශක්ති කළමනාකරණය තුළින් බලශක්ති සංරක්ෂණය සහ මිල අධික බලශක්ති උප්පාදනය අවම කිරීමේ මාර්ග කරා පිවිසීමේ මාර්ගයන් පිළිබඳ ප්‍රායෝගිකව දැනගැනීමේ හැකියාවක් ලැබුණ බවත්, අමාත්‍ය කරුණානායක මහතා පවසයි.

තම සිංගප්පූරු සංචාරය තුළින් ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්‍රය තුළ නව තාක්ෂණිකාංගයන් රැසක් ක්‍රියාත්මක කිරීමටත්, දැනට ක්ෂේත්‍රය තුළ යොදාගනු ලබන ක්‍රමෝපායන් නවීකරණයට ලක්කිරීමටත් අවැසි තාක්ෂණික අවබෝධයක් ලබාගත් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

Related posts

අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව 20 සංශෝධනයට විරුද්ද වේ.. තදබල නිවේදනයක්

colombotoday

හෙට සිට ඇඳිරිනීතිය දහවල් කාලයේදී ඉවත් කෙරේ. නවතම නිවේදනය මෙන්න

colombotoday

එජාප සහ ශ්‍රීලනිප දූෂණ වංචා “රටම ගඳ ගස්සනවා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

“මිනිස්සු බදු මුදලින් ගෙවන වැටුප මා ලබා ගන්නේ නැහැ.” – කොරෝනා අවසන් වන තෙක් අමරවීරගේ වැටුප මහජන සුබසාධනයට

colombotoday

අත්‍යාවශය නොවන රජයේ සේවකයන්ට හෙට නිවාඩු දීමේ චක්‍රලේඛය නිකුත් කරයි

colombotoday

අපෙන් කන පලාගන්නේ නැතුව බල්ලව බැඳලා දා ගන්න. රන්ජන්ගේ කතාවට ඥානසාර හිමි රනිල්ට කියයි

colombotoday