Colombo Today Local News

ටයරය ඇවිත් පසිදුගේ ඇගේ හැප්පිලා !- නවකවදයට පෙරටුගාමීන් සාක්කි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අනතුරට පත්වීමේ සිදුවීම නවක වද සිද්ධියක් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ සිදුවීම නවක වද සිදුවීමක් බවට මවා පාමින් රජය විශාල මර්දනයකට උත්සාහ කරන බවත් ඒ මහතා පැවසීය.

පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස්දෙනෙකු අද මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

පොලීසිය පවසන්නේ, ඒ අතර අනතුරට හේතු වූ බව කියන ටයරය එවූ සිසුවා ද සිටින බවයි.

අනතුරින් හිසට බරපතළ තුවාල ලැබූ පසිඳු තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Related posts

මන්ත්‍රී රෝහිත ඇතුළු පිරිසක් හෙල්මට් නීති කඩයි..!

colombotoday

හම්බන්තොට තෙල් පිරිපහදුව ව්‍යාපෘතියේ ආයෝජන මණ්ඩල ගිවිසුම අහෝසියි

Admin

මත්තලින් රට යන ලාංකිකයින්ට වට්ටමක්

colombotoday

73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව

colombotoday

තරුණ තරුණියන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්

colombotoday

ඇමති ලක්ෂ්මන් යාපා මිලියනයක අල්ලසක් අරන්! සමාගම් හිමිකරුවෙකුගෙන් සාක්ෂි සහිතවම පැමිණිළි

colombotoday