Colombo Today Local News

සංවර්ධන ලොතරැයියේ ලක්ෂ 80 ටෙන්ඩරය රවීගෙන් ‘ඒකාබද්ධයේ‘ නුවන් නිරෝධට !

ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්, සහ ෆේස්බුක් ප්‍රචාරන ජලයේ ක්‍රියාකාරිකයෙක් වන නුවන් නිරෝධ අල්විස්ට අයත් ‘අපේ Media’ නම් වෙළඳ ප්‍රචාරණ ආයතනය වෙත සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 2017-2018 වර්ෂයට අදාල වෙබ් වෙළඳ ප්‍රචාරණ ටෙන්ඩරය හිමිව ඇතැයි වාර්තා වේ.

මෙම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කරනු ලබන්නේ නුවන් නිරෝධ අල්විස්, ඉරෝෂ් හෙට්ටිගේ සහ කාවින්ද ගමගේ යන පුද්ගලයන් වන අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලය අයත් අමාත්‍යවරයා වන්නේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතායි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලියාපදිංචි සැපයුම්කරුවන් සහ එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙළද ප්‍රචාරණ ආයතනය පරාජයට පත් කරමින්, මේ වසරේ මාර්තු මාසයට ආසන්න කාලයේ ආරම්භ කළ නුවන් නිරෝධ අල්විස්ට අයත් ‘අපේ Media’නම් වෙළද ප්‍රචාරණ ආයතනය වෙත මෙම ටෙන්ඩරය හිමිවීම විශේෂත්වයකි. මාස 6කට ලක්ෂ 80ක මුදලක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙම ආයතනය වෙත ලබා දෙනු ලබයි.

මේ සමගම රවී කරුණානායක මහතා සහ 2020 එජාප රජයක් සදහා වූ වෙබ් ප්‍රචාරක ව්‍යාපෘතියෙන් කොටසක්ද ඉතා ආකර්ෂණීය මුදලකට නුවන් නිරෝධ අල්විස්ට හිමිවනු ඇති බවද එජාපයට හිතවත් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම කොන්තරාත්තුව ලැබීමෙන් පසු නුවන් නිරෝධ විසින් පවත්වාගෙන යන abrighterfuture.lk නම් වෙබ්අඩවිය කරුංකා ජාවාරමක් සම්බන්ධයෙන් මලික් සමරවික්‍රම මහතාට චෝදනා කර තිබිණි. මීට පෙර එම චෝදනාව එල්ල වී තිබුණේ රවී කරුණානායක මහතාටය.

Related posts

බුලත් විටක් රු.130 දක්වා ඉහළට

Admin

කුලියාපිටිය නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා ?

colombotoday

ඇමතිකම් බෙදීමේ ‘විද්‍යානුකූලභාවය‘ ගැන ආණ්ඩුවේ බඩ කොරවෙන විග්‍රහය මෙන්න (Video)

colombotoday

ලෝක ඒඩ්ස් දිනය අදයි

colombotoday

නාකොටික් පොලිස් නිලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට නියෝග

colombotoday

HIV ව්‍යප්තියේ වැඩිවීමක් මෙම වසරේ සිට වාර්තාවිය හැකි – නීතිවේදී කෞශාල් රණසිංහ

colombotoday